සිංහල බ්ලොග් කලාව තුළ අවමංගල යනු පොරක් නොවේ. එහෙව් පොරත්වයක් කෘත්‍රීමව ආරෝපණය කරගන්නට මාන බලන පොරක් ද නොවේ. මේ වෑයම මියැදෙන්නට පෙර... හිතේ දුකට... බ්ලොගයකට කරුණු ගොනු කිරීමට ය. - අවමංගල -

Tuesday, December 13, 2011

** **ට මොන කැටයම්ද...

අපි හරි ආසයි තව කෙනෙක් අපේ හොඳ කියනවා නම්.

අපි හරි පිලිවෙළයි, ලස්සනයි, අදහස් පවිත්‍රයි කියනවා

නම්. අපි ඒ වගේ ප්‍රශස්ථි අහගන්න ගොඩාක් උත්සාහ

කරනවා. ඒක මනුෂ්‍ය චිත්ත සන්තානයේ එක්තරා

ආශා පැතිකඩක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.

අපි ලස්සනට අඳිනවා. දවසක දිරාවි කියලා

නොදැන වගේ ශරීරය හැඩවැඩ කරගන්නවා. ලස්සන

වචනවලින් කතා කරන්න පුරුදු වෙනවා. අනිත් අයගෙ

හිත යන විදිහට ඇවිදින්න උත්සාහ කරනවා. ඒ වගේ

ම අපේ ජයග්‍රහණ ඕනිවට වඩා සමාජය ඉදිරියේ මාකට්

කරන්න අපි වෙහෙසෙනවා.

මේ කුලකය තුළ ම තවත් උප කුලකයක්

තියෙනවා. ඒ තමයි මල් මල් විදිහට හිතන, මල් මල්

අඳින, මල් මල් පොත් තියාගෙන ඉන්න, මල් මල්

වලට ආසා කරන, මල් මල් වගේ වෙන්න දඟලන අය.

ඒ අය ඉන්නේ මේ මහ පොලොවේ නෙවෙයි. ටිකක්

විතර උඩින්. සුජීව ප්‍රසන්න ආරච්චිගෙ නවල් එකක්

එහෙම කියවලා හිතේ මලක් පිපුණම ආයිෂ් අප්පා...!

බලන්න එපැයි මූණේ සිරියාව.

කවුරුවත් අමනාප වෙන්න එපා හොඳේ...!

ඔයාලත් දැකල ඇති සමහරු ඉන්නවා පොත්වලට මල්

මල් ලස්සන කවර දාන(මල් මල් කවර දාන හැමෝම

මේ ගොඩට වැටෙන්නෙ නැහැ), සමහර විට නිතර

සුවඳ ගහන පර්ෆියුම් එකක් නාවපු ලේන්සුවකින්

දාඩිය පිහද පිහදා ඉන්න අය, බස් එකක ඇවිත්

"හ්ම්ම්... පුදුම දාඩියක් බං..." කියලා ආපු වෙලාවŢ5;

ඉඳලම දාඩිය පිහදාන, බැරිවෙලාවත් තමන්ගෙ ඇඳුමේ

කුණු ටිකක් ගෑවුණොත් මං දැන් කොහොමද පාරෙ

යන්නෙ කියලා හිතන අය... ඒ වගේ අය අතර ඔබත්

ඉන්න පුළුවන්.

ඒත් මේ මහ පොලොවට සෙන්ටිමීටරයක් දෙකක්

උඩින් තරුණයින්, තරුණියන් ජීවිතේ කියලා

දකින්නේ හරි ලස්සන(හරීීීී... ලස්සන), සුන්දර,

පිවිතුරු දෙයක්. කෙල්ලෙක් එක්ක/ කොල්ලෙක්

එක්ක love affair එකක් පටන් අරගෙන අතින්

අල්ලාගෙන මල්වතුවල ඇවිදිනකොට... අම්මපා

කොයිතරම් සෝක්ද? So... lovely අනේ... අනා...

සුජීව ප්‍රසන්න ආරච්චි ආදී කොටගත් නූතන මල්

නවකතාකරුවන්ගේ නවකතා කියවන(මේ කියන්නෙ

සුජීව ලියන හැම නවල් එකක් ම බොළඳයි, මල් මල්

කියලා නෙවෙයි.)/ කියවපු කොල්ලන්ගෙන්

කොල්ලන්ගෙන් අතලොස්සකගෙ විශේෂ ලක්ෂණ

තියෙනවා. ඒ ලක්ෂණ ඔවුන් හිතාමතාම සමාජය

ඉදිරියේ තමන්ගෙ ප්‍රතිරූපය ගොඩනඟාගන්න කරන

උපක්‍රම.

"දරුවො..." ඒ එක වචනයක්. අම්මට තාත්තට ආච්චිට

සියාට ඇතුළු වැඩිහිටි පිරිසට හැර හැම කෙ‍නාට ම

දරුවො කියල කතා කරන අය මං දැකලා තියෙනවා.

විශේෂයෙන් ම ගැහැණු ළමයි.

"අනේ.. දරුවො මං මේ වැඩක්නේ..."

"ඇයි දරුවො අද ආවෙ නැත්තේ..."


අනිත් ලක්ෂණේ තමයි... "ආදරෙයි කියන්න..."

"මට ආදරෙයි කියන්න..." මේවා දැකලා පණ යන

තරමට මට ම හිනා...! (මගේ මේ විවේචන හරි

නැත්නම් වැරදි නම් ඕනිම කෙනෙක් කොමෙන්ටු

දාන්න... ආ... සමාවෙන්න අද ඉදලා මං "ඕනි" කියන

වචනෙත් අයින් ක‍රලා "ඕනෑ" කියන වචනෙ භාවිතයට

ගන්නවා. කොහෙන් පුරුදු වෙලාද මන්දා...හික්ස්...)

මං ඉහතින් කිව්ව වචන වල මහ අමුතු ව්‍යාජකමක්

තියෙනවා. නේද???

පොලොවෙන් ටිකක් විතර උඩින් ඉඳගෙන හිතනවා.

Š4;ීන දකිනවා. මීට කලින් ධර්මපාලතුමා සහ සමලිංගික

පොරවල් post එකෙනුත් ඒ ගැන ටිකක් කිව්වනෙ..

ඔබට මතක ඇති.



නගරයේ යුවතියන්(අද කාලේ යුවතියන් යැයි

ව්‍යවහාර කිරීම කොයිතරම් දුරට සාධාරණ ද සත්‍යය ද

යන්න සිතාගත නොහැකි කරුණකි.) වගේම ගමේ

යුවතියනුත් මේ මල් රැල්ල තුළ ඉන්නවා. (යුවතියන්

යැයි ප්‍රකාශ කිරීම තුළ ඒ හා සමගාමී තරුණයින් ද

නියෝජනය වන බව කරුණාවෙන් සලකන්න.)

නලීන් පෙරේරා කියනවා වගේ... "සුන්දරයි

අහිංසකයි... ____ හරිම ලෙංගතුයි...." ය.මාර ම pure

ය. නිර්මල ය. ළ ගන්නා සුළු ය. මට හෝ තොට හෝ

සිලිටි ය.

එක අතකින් බලනකොට ඒක බොහොම සාමාන්‍ය

මානසික මට්ටමක්. ඒත් ඔහොම මල් මල් විදිහට

යෞවන කාලය/ විශේෂයෙන් ම නව යොවුන් අවධිය

ගෙවන කොල්ලන් කෙල්ලන් මල් මල්කම පැත්තකට

දාලා වල්කම හිස පැළඳගන්නකොට එයාලට වැරදිලා

ඉවරයි. පොත්වලට මල් මල් කවර දාපු, රෝස පාට

තමන්ගෙ ජීවිතය පුරාවට හලාගත්තු කෙල්ලො වැඩේ

වැරදුණාම ඒ මල් නවකතා මානසිකත්වය පැත්තකට

දාලා චණ්ඩි, සැර පරුෂ ගැහැණියක වෙන්න පටන්

ගන්නවා. රෝස පාටට ලස්සනට දිලිසුණු හිත

රළුවෙන්න පටන් ගන්නවා. "දරුවෝ..." කියපු අය

"තෝ, වර, පල, මුන්ගෙන් පුදුම වදයක්නෙ යකෝ..."

කියන්න පටන් ගන්නවා. මේක තමයි ඇත්තම ඇත්ත

කතාව. ජිවිතේ ඔහේ පාවෙලා යන වලාකුළක් වගේ

සමාජයේ සුළං රොදට ගහගෙන යන්න දෙන්න හොඳ

නෑ. අපි අපේ පාලනය ගැන වගකීමෙන් කටයුතු

කරන්න ඕනි...(සමාවෙන්න... "ඕනි" නෙවෙයි...

"ඕනෑ...")



මේ post එක කිසියම් සමාජ කණ්ඩායමකට

එරෙහිව ඉරිසියාවෙන්, කුහකකමෙන් ලියපු එකක්

නෙවෙයි. 508;ොඩ්ඩක් හිතන්න...!
මේ දිරන කයට මොන ‍මල් මල් කැටයම් ද?

හරියට "** **ට මොන කැටයම්ද..." කිව්වා වගේ...

නේද?


Monday, December 12, 2011

ඉනික්බිති,

මං තනිකමට සිරාවට ම ලව් කරපු කාලයක් තාමත්

මගේ නිධන්ගත කළ මතක ගබඩාවෙ පණ අදින බව

මට දැනුදු දැනෙයි. ජීවිතය කලකිරුණේ අන්තයට ම

නොවේ. අන්තයට ටිකක් විතර මෙහාට වන්නට ය.

දුක, කඳුළ, සුසුම... හරියට වාමාංශිකයින්ගෙ ජීවිත හා

බැඳී ඇති තාප්ප, පාප්ප, පෝස්ටර් සේ මගේ ජීවිතයට

අරක්ගෙන තිබිණ. දහවලට නිලට බබලන නිල් අහස

හිරුබැසයත් ම දම්පාටක් ගෙන රාත්‍රිය පැමිණෙන විට

සඳ තම ළැමට තුරුල් කරගන්නා සැටි මා අනන්තවත්

දැක ඇත්තෙමි. එසේ ම, ඒ හා සමානව ම රැයේ පායන

සඳ, අහස් ගැබ තුරුලේ සැතපී - මුළු මහත් ලෝකය ම

නැතත් - මේ පෘථිවි තලයෙන් යම් කිසි කොටසකට

එළිය දෙමින් අරුණැල්ලේ උදාවන හිරුට අහස් කුසේ

බලතල පවරා අවිහිංසකව නික්ම යන සැටි ද

අනන්තවත් දැක ඇත්තෙමි.

සතර දිගින් කළුකරගෙන වසින්නට පටන් ගත්

කලෙක මා මිදුලට බැස හිරු කොහිදැයි සෙව්වෙමි.

මහා පාළුවක්,තනිකමක් සිත තුළ අරක්ගෙන අද්භූත

කාන්සියක්, සාංකාවක් පතුරවන විටෙක මා අමාවක

යැයි නොදැන අඳුරු අහස පුරාවට සඳ කොමලිය

කොහි සැඟවුණා දැයි සෙව්වෙමි. මේ අසාර්ථක

උත්සාහයන් ද්විත්වයෙන් ම පසුව මා තනිකටම පෙම්

කළෙමි. මට තනි නැතැයි සිතුණේ එකෙණෙහි ය.

තනිකම මගේ තනියට තනි රකිනා බැව් මා විසින්

දැනගන්නා ලද්දෙමි. මා ගීතයට පෙම් කරන්නට පටන්

ගතිමි. රාගාන්විත මඳ අඳුර තුළ සැතපී මනෝ

ලෝකයෙන් මා නිර්ව්‍යාජ ස්ත්‍රී ප්‍රාණීන්ගේ පහස

පැතුවෙමි. සිත තුළ පිබිදෙන එකිනෙක ආශා මල් ගෙ

සීරුවට පෙති දිගහැරුවෙමි. ඒ අසරණකම වැඩිකමට

මිසක වනචාරී ගති මා ඉදිරියේ ම ප්‍රකට කරගන්නට

නම් නොවේ.



ඉනික්බිති, මගේ හිස් සිත් අවකාශය පුරවන්නට

අනුන්ට මෛත්‍රී කරන්නට, සෙත් පතන්නට, රකින්නට

ආරම්ධක වෙඩි මුරය තැබුවෙමි. ළබැඳියන් මගේ

ජීවිතය කරගෙන හුදෙකලාව මනෝමය වශයෙන්

මකාගන්නට මා ප්‍රයත්න දැරුවෙමි. මා සිතට කෙළේ

මහත් ප්‍රෝඩාවක් යැයි මට දැනෙන්නේ දැන් ය. මම

සිත රැවැට්ටුවෙමි. කඳුළ, සුසුම පරයා යන පරාර්ථකාමී

චින්තනයෙන් සුසැඳි චින්තන ධාරාවක් මා සිතට කළ

සැණෙහි සිත ඊට රැවටුණේ ය. මට සතුටු සිතිණ.නමුදු

ඒ තිළිණයේ අභ්‍යන්තරය ගුළ නිද්‍රාගතව සිටි නයි,

පොළොඟුන් ඇවිස්සුණු කළ සිත බොහෝ දුක් පීඩා

වින්දේ ය. මා වෙනුවෙන් සිත දුක භාරගෙන තිබිණ.

වරෙක දරදඬුව අසරණව දිරාගිය වහලයේ පරාල, රීප්ප

දෙස මගේ නෙත් ගෙන ගියේ මහත් වෙහෙසට පත්

සිත ය. දෙනෙත් පමණක් නොව කවි කොළ පවා

කඳුළින් තෙත් කරන්නට දෑසට ඒ තරම් කඳුළු දුන්නේ

මසිත ය. කෝපාවිෂ්ඨ නාග රැළක් දෂ්ඨ කරන්නාක්

මෙන් සිතට දැනෙන්ට ඇත. උන්මන්තක

මානසිකත්වයක් කරපින්නාගෙන 21 වැනි සියවසේ

ඩිජිටල් හයිවේ පාරදිගේ, මා පියමැන්නෙමි. කඳුළු ගලා

ආවේ ඩබල් වෙලා ය. හුදෙකලාව loneliness වූ

අතර, කඳුළු tears වන්නට පටන් ගැනිණ. වරෙක

හදවත heart යැයි නම් තැබිණ. ආදරය love යැයි ද

නම් ලද්දේ ය. සිත English වලින් generalize

වන්නට
විය. මේ ලොවේ වෙනස් නොවන එකම දෙය

වෙනස්වීම
යැයි මට ම කියාගත් මා මේ 21 වැනි අලුත්

දේ සහ පරණ දේ රැගෙන - දක්ෂිණ ලංකා අධිවේගී

මාර්ගය වන්
- බල්ලන් පාර පනින, නිතරම අනතුරු

ඇතිවන පාර දෙපස හිඳ ගල් ගසන
මාවතක ඉදිරියට ම

පිය මනිමි. සිනහව හැමදාම මුවඟ නොරැඳෙන්නා සේම

කඳුළු ද හැමදාම නෙතු අඟ සරසන්නේ නැත. හෙට

ඉරක් පායනු ඇත. අමාවක දාට එළිය දෙන්නට සුපුන්

සඳක් පායනු ඇත. මා එකත් පසෙක හිඳ බලා හිඳිමි.



2011 - 12 - 01
09 : 03 PM