සිංහල බ්ලොග් කලාව තුළ අවමංගල යනු පොරක් නොවේ. එහෙව් පොරත්වයක් කෘත්‍රීමව ආරෝපණය කරගන්නට මාන බලන පොරක් ද නොවේ. මේ වෑයම මියැදෙන්නට පෙර... හිතේ දුකට... බ්ලොගයකට කරුණු ගොනු කිරීමට ය. - අවමංගල -

Tuesday, December 13, 2011

** **ට මොන කැටයම්ද...

අපි හරි ආසයි තව කෙනෙක් අපේ හොඳ කියනවා නම්.

අපි හරි පිලිවෙළයි, ලස්සනයි, අදහස් පවිත්‍රයි කියනවා

නම්. අපි ඒ වගේ ප්‍රශස්ථි අහගන්න ගොඩාක් උත්සාහ

කරනවා. ඒක මනුෂ්‍ය චිත්ත සන්තානයේ එක්තරා

ආශා පැතිකඩක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.

අපි ලස්සනට අඳිනවා. දවසක දිරාවි කියලා

නොදැන වගේ ශරීරය හැඩවැඩ කරගන්නවා. ලස්සන

වචනවලින් කතා කරන්න පුරුදු වෙනවා. අනිත් අයගෙ

හිත යන විදිහට ඇවිදින්න උත්සාහ කරනවා. ඒ වගේ

ම අපේ ජයග්‍රහණ ඕනිවට වඩා සමාජය ඉදිරියේ මාකට්

කරන්න අපි වෙහෙසෙනවා.

මේ කුලකය තුළ ම තවත් උප කුලකයක්

තියෙනවා. ඒ තමයි මල් මල් විදිහට හිතන, මල් මල්

අඳින, මල් මල් පොත් තියාගෙන ඉන්න, මල් මල්

වලට ආසා කරන, මල් මල් වගේ වෙන්න දඟලන අය.

ඒ අය ඉන්නේ මේ මහ පොලොවේ නෙවෙයි. ටිකක්

විතර උඩින්. සුජීව ප්‍රසන්න ආරච්චිගෙ නවල් එකක්

එහෙම කියවලා හිතේ මලක් පිපුණම ආයිෂ් අප්පා...!

බලන්න එපැයි මූණේ සිරියාව.

කවුරුවත් අමනාප වෙන්න එපා හොඳේ...!

ඔයාලත් දැකල ඇති සමහරු ඉන්නවා පොත්වලට මල්

මල් ලස්සන කවර දාන(මල් මල් කවර දාන හැමෝම

මේ ගොඩට වැටෙන්නෙ නැහැ), සමහර විට නිතර

සුවඳ ගහන පර්ෆියුම් එකක් නාවපු ලේන්සුවකින්

දාඩිය පිහද පිහදා ඉන්න අය, බස් එකක ඇවිත්

"හ්ම්ම්... පුදුම දාඩියක් බං..." කියලා ආපු වෙලාවŢ5;

ඉඳලම දාඩිය පිහදාන, බැරිවෙලාවත් තමන්ගෙ ඇඳුමේ

කුණු ටිකක් ගෑවුණොත් මං දැන් කොහොමද පාරෙ

යන්නෙ කියලා හිතන අය... ඒ වගේ අය අතර ඔබත්

ඉන්න පුළුවන්.

ඒත් මේ මහ පොලොවට සෙන්ටිමීටරයක් දෙකක්

උඩින් තරුණයින්, තරුණියන් ජීවිතේ කියලා

දකින්නේ හරි ලස්සන(හරීීීී... ලස්සන), සුන්දර,

පිවිතුරු දෙයක්. කෙල්ලෙක් එක්ක/ කොල්ලෙක්

එක්ක love affair එකක් පටන් අරගෙන අතින්

අල්ලාගෙන මල්වතුවල ඇවිදිනකොට... අම්මපා

කොයිතරම් සෝක්ද? So... lovely අනේ... අනා...

සුජීව ප්‍රසන්න ආරච්චි ආදී කොටගත් නූතන මල්

නවකතාකරුවන්ගේ නවකතා කියවන(මේ කියන්නෙ

සුජීව ලියන හැම නවල් එකක් ම බොළඳයි, මල් මල්

කියලා නෙවෙයි.)/ කියවපු කොල්ලන්ගෙන්

කොල්ලන්ගෙන් අතලොස්සකගෙ විශේෂ ලක්ෂණ

තියෙනවා. ඒ ලක්ෂණ ඔවුන් හිතාමතාම සමාජය

ඉදිරියේ තමන්ගෙ ප්‍රතිරූපය ගොඩනඟාගන්න කරන

උපක්‍රම.

"දරුවො..." ඒ එක වචනයක්. අම්මට තාත්තට ආච්චිට

සියාට ඇතුළු වැඩිහිටි පිරිසට හැර හැම කෙ‍නාට ම

දරුවො කියල කතා කරන අය මං දැකලා තියෙනවා.

විශේෂයෙන් ම ගැහැණු ළමයි.

"අනේ.. දරුවො මං මේ වැඩක්නේ..."

"ඇයි දරුවො අද ආවෙ නැත්තේ..."


අනිත් ලක්ෂණේ තමයි... "ආදරෙයි කියන්න..."

"මට ආදරෙයි කියන්න..." මේවා දැකලා පණ යන

තරමට මට ම හිනා...! (මගේ මේ විවේචන හරි

නැත්නම් වැරදි නම් ඕනිම කෙනෙක් කොමෙන්ටු

දාන්න... ආ... සමාවෙන්න අද ඉදලා මං "ඕනි" කියන

වචනෙත් අයින් ක‍රලා "ඕනෑ" කියන වචනෙ භාවිතයට

ගන්නවා. කොහෙන් පුරුදු වෙලාද මන්දා...හික්ස්...)

මං ඉහතින් කිව්ව වචන වල මහ අමුතු ව්‍යාජකමක්

තියෙනවා. නේද???

පොලොවෙන් ටිකක් විතර උඩින් ඉඳගෙන හිතනවා.

Š4;ීන දකිනවා. මීට කලින් ධර්මපාලතුමා සහ සමලිංගික

පොරවල් post එකෙනුත් ඒ ගැන ටිකක් කිව්වනෙ..

ඔබට මතක ඇති.



නගරයේ යුවතියන්(අද කාලේ යුවතියන් යැයි

ව්‍යවහාර කිරීම කොයිතරම් දුරට සාධාරණ ද සත්‍යය ද

යන්න සිතාගත නොහැකි කරුණකි.) වගේම ගමේ

යුවතියනුත් මේ මල් රැල්ල තුළ ඉන්නවා. (යුවතියන්

යැයි ප්‍රකාශ කිරීම තුළ ඒ හා සමගාමී තරුණයින් ද

නියෝජනය වන බව කරුණාවෙන් සලකන්න.)

නලීන් පෙරේරා කියනවා වගේ... "සුන්දරයි

අහිංසකයි... ____ හරිම ලෙංගතුයි...." ය.මාර ම pure

ය. නිර්මල ය. ළ ගන්නා සුළු ය. මට හෝ තොට හෝ

සිලිටි ය.

එක අතකින් බලනකොට ඒක බොහොම සාමාන්‍ය

මානසික මට්ටමක්. ඒත් ඔහොම මල් මල් විදිහට

යෞවන කාලය/ විශේෂයෙන් ම නව යොවුන් අවධිය

ගෙවන කොල්ලන් කෙල්ලන් මල් මල්කම පැත්තකට

දාලා වල්කම හිස පැළඳගන්නකොට එයාලට වැරදිලා

ඉවරයි. පොත්වලට මල් මල් කවර දාපු, රෝස පාට

තමන්ගෙ ජීවිතය පුරාවට හලාගත්තු කෙල්ලො වැඩේ

වැරදුණාම ඒ මල් නවකතා මානසිකත්වය පැත්තකට

දාලා චණ්ඩි, සැර පරුෂ ගැහැණියක වෙන්න පටන්

ගන්නවා. රෝස පාටට ලස්සනට දිලිසුණු හිත

රළුවෙන්න පටන් ගන්නවා. "දරුවෝ..." කියපු අය

"තෝ, වර, පල, මුන්ගෙන් පුදුම වදයක්නෙ යකෝ..."

කියන්න පටන් ගන්නවා. මේක තමයි ඇත්තම ඇත්ත

කතාව. ජිවිතේ ඔහේ පාවෙලා යන වලාකුළක් වගේ

සමාජයේ සුළං රොදට ගහගෙන යන්න දෙන්න හොඳ

නෑ. අපි අපේ පාලනය ගැන වගකීමෙන් කටයුතු

කරන්න ඕනි...(සමාවෙන්න... "ඕනි" නෙවෙයි...

"ඕනෑ...")



මේ post එක කිසියම් සමාජ කණ්ඩායමකට

එරෙහිව ඉරිසියාවෙන්, කුහකකමෙන් ලියපු එකක්

නෙවෙයි. 508;ොඩ්ඩක් හිතන්න...!
මේ දිරන කයට මොන ‍මල් මල් කැටයම් ද?

හරියට "** **ට මොන කැටයම්ද..." කිව්වා වගේ...

නේද?


Monday, December 12, 2011

ඉනික්බිති,

මං තනිකමට සිරාවට ම ලව් කරපු කාලයක් තාමත්

මගේ නිධන්ගත කළ මතක ගබඩාවෙ පණ අදින බව

මට දැනුදු දැනෙයි. ජීවිතය කලකිරුණේ අන්තයට ම

නොවේ. අන්තයට ටිකක් විතර මෙහාට වන්නට ය.

දුක, කඳුළ, සුසුම... හරියට වාමාංශිකයින්ගෙ ජීවිත හා

බැඳී ඇති තාප්ප, පාප්ප, පෝස්ටර් සේ මගේ ජීවිතයට

අරක්ගෙන තිබිණ. දහවලට නිලට බබලන නිල් අහස

හිරුබැසයත් ම දම්පාටක් ගෙන රාත්‍රිය පැමිණෙන විට

සඳ තම ළැමට තුරුල් කරගන්නා සැටි මා අනන්තවත්

දැක ඇත්තෙමි. එසේ ම, ඒ හා සමානව ම රැයේ පායන

සඳ, අහස් ගැබ තුරුලේ සැතපී - මුළු මහත් ලෝකය ම

නැතත් - මේ පෘථිවි තලයෙන් යම් කිසි කොටසකට

එළිය දෙමින් අරුණැල්ලේ උදාවන හිරුට අහස් කුසේ

බලතල පවරා අවිහිංසකව නික්ම යන සැටි ද

අනන්තවත් දැක ඇත්තෙමි.

සතර දිගින් කළුකරගෙන වසින්නට පටන් ගත්

කලෙක මා මිදුලට බැස හිරු කොහිදැයි සෙව්වෙමි.

මහා පාළුවක්,තනිකමක් සිත තුළ අරක්ගෙන අද්භූත

කාන්සියක්, සාංකාවක් පතුරවන විටෙක මා අමාවක

යැයි නොදැන අඳුරු අහස පුරාවට සඳ කොමලිය

කොහි සැඟවුණා දැයි සෙව්වෙමි. මේ අසාර්ථක

උත්සාහයන් ද්විත්වයෙන් ම පසුව මා තනිකටම පෙම්

කළෙමි. මට තනි නැතැයි සිතුණේ එකෙණෙහි ය.

තනිකම මගේ තනියට තනි රකිනා බැව් මා විසින්

දැනගන්නා ලද්දෙමි. මා ගීතයට පෙම් කරන්නට පටන්

ගතිමි. රාගාන්විත මඳ අඳුර තුළ සැතපී මනෝ

ලෝකයෙන් මා නිර්ව්‍යාජ ස්ත්‍රී ප්‍රාණීන්ගේ පහස

පැතුවෙමි. සිත තුළ පිබිදෙන එකිනෙක ආශා මල් ගෙ

සීරුවට පෙති දිගහැරුවෙමි. ඒ අසරණකම වැඩිකමට

මිසක වනචාරී ගති මා ඉදිරියේ ම ප්‍රකට කරගන්නට

නම් නොවේ.



ඉනික්බිති, මගේ හිස් සිත් අවකාශය පුරවන්නට

අනුන්ට මෛත්‍රී කරන්නට, සෙත් පතන්නට, රකින්නට

ආරම්ධක වෙඩි මුරය තැබුවෙමි. ළබැඳියන් මගේ

ජීවිතය කරගෙන හුදෙකලාව මනෝමය වශයෙන්

මකාගන්නට මා ප්‍රයත්න දැරුවෙමි. මා සිතට කෙළේ

මහත් ප්‍රෝඩාවක් යැයි මට දැනෙන්නේ දැන් ය. මම

සිත රැවැට්ටුවෙමි. කඳුළ, සුසුම පරයා යන පරාර්ථකාමී

චින්තනයෙන් සුසැඳි චින්තන ධාරාවක් මා සිතට කළ

සැණෙහි සිත ඊට රැවටුණේ ය. මට සතුටු සිතිණ.නමුදු

ඒ තිළිණයේ අභ්‍යන්තරය ගුළ නිද්‍රාගතව සිටි නයි,

පොළොඟුන් ඇවිස්සුණු කළ සිත බොහෝ දුක් පීඩා

වින්දේ ය. මා වෙනුවෙන් සිත දුක භාරගෙන තිබිණ.

වරෙක දරදඬුව අසරණව දිරාගිය වහලයේ පරාල, රීප්ප

දෙස මගේ නෙත් ගෙන ගියේ මහත් වෙහෙසට පත්

සිත ය. දෙනෙත් පමණක් නොව කවි කොළ පවා

කඳුළින් තෙත් කරන්නට දෑසට ඒ තරම් කඳුළු දුන්නේ

මසිත ය. කෝපාවිෂ්ඨ නාග රැළක් දෂ්ඨ කරන්නාක්

මෙන් සිතට දැනෙන්ට ඇත. උන්මන්තක

මානසිකත්වයක් කරපින්නාගෙන 21 වැනි සියවසේ

ඩිජිටල් හයිවේ පාරදිගේ, මා පියමැන්නෙමි. කඳුළු ගලා

ආවේ ඩබල් වෙලා ය. හුදෙකලාව loneliness වූ

අතර, කඳුළු tears වන්නට පටන් ගැනිණ. වරෙක

හදවත heart යැයි නම් තැබිණ. ආදරය love යැයි ද

නම් ලද්දේ ය. සිත English වලින් generalize

වන්නට
විය. මේ ලොවේ වෙනස් නොවන එකම දෙය

වෙනස්වීම
යැයි මට ම කියාගත් මා මේ 21 වැනි අලුත්

දේ සහ පරණ දේ රැගෙන - දක්ෂිණ ලංකා අධිවේගී

මාර්ගය වන්
- බල්ලන් පාර පනින, නිතරම අනතුරු

ඇතිවන පාර දෙපස හිඳ ගල් ගසන
මාවතක ඉදිරියට ම

පිය මනිමි. සිනහව හැමදාම මුවඟ නොරැඳෙන්නා සේම

කඳුළු ද හැමදාම නෙතු අඟ සරසන්නේ නැත. හෙට

ඉරක් පායනු ඇත. අමාවක දාට එළිය දෙන්නට සුපුන්

සඳක් පායනු ඇත. මා එකත් පසෙක හිඳ බලා හිඳිමි.



2011 - 12 - 01
09 : 03 PM

Tuesday, November 29, 2011

ටොයිලට් චින්තනය සහ ටොයිලට් එකේ චින්තනය

අපි ටොයිලට් එහෙමත්

නැත්නම් වැසිකිලියට/කක්කුස්සියට

යන්නෙ අපේ ශරීරයේ අපට

අනවැසි අපද්‍රව්‍ය ඉවත් කරන්න. මේ

සුන්දරයි කියන පංචස්කන්ධයෙන්

පිටවෙන අසුන්දර දේවල් ඒ විදිහට

අපි පිට කරනවා. මං පොඩි කාලෙ

ඉඳල ම ටොයිලට් එකේ අවශ්‍ය

කෘත්‍ය කරන්න බොහෝ

කාලවේලාවක් වැය කරපු

කෙනෙක්. දව‍‍සේ හැම තත්පරයක

ම (නිදාගන්න ටිකේ පවා) අපිට

පෙනෙන්නේ, අපේ ඇස

ගැටෙන්නෙ කලබලකාරී දේවල්.

ඒත් අනවශ්‍ය දේවල් පිටකරන්න

අපි ටොයිලට් ගියහම අපිට

ගොඩාක් නිදහස තියෙනවා.

නිදහසේ ඕනි තරම් හිතන්න

ඉඩප්‍රස්ථාව තියෙනවා. මම නම්

ඉස්සර ටොයිලට් එකේ දි ගොඩක්

දේවල් ගැන හිතනවා. නිස්කලංක

තැනක්. මගේ කාමරයට වඩා මං

වැසිකිලියට ආසයි. කාමරේ තියෙන

ඇඳ, මේසය, පුටුව, අල්මාරිය,

පොත් රාක්කය, ඉස්කිරිම්ම(අනේ

මන්දා.. අපි නම් ඇඳුම් එල්ලන

එකට කියන්නෙ ඉස්කිරිම්ම

කියලා), Computer එක, Phone

එක, සපත්තු ඇස ගැටෙනකොට

හිතට පුදුම බරක් දැනෙනවා. කොයි

තරම් සැහැල්ලුවෙන් ගෙදරට ආවත්

හිත බිඳෙනවා. ඒත් වැසිකිලියේ ඒ

තරම් අඬුබඬු නැහැ. මම නම්

හිතන්න දෙයක් නැති වෙලාවට

වැසිකිලියෙදි හිතන්නේ මහ අමුතු

දේවල්. වෙලාවකට දොර දිහා

බලාගෙන ඉන්නවා. ඉඳලා හිටලා

හූනෙක් දොර දිගේ යනකොට මං

බයවෙනවා ඌ ඇඟට පනී කියලා.

ඒ වගේ වෙලාවට ඌට වතුර ගහලා

පන්නනවා. තවත් වෙලාවකට මං

සැලකිලිමත් වෙන්නේ වැසිකිලි

පෝච්චියේ සන්නම් නාමය ගැන.

එහෙමත් නැත්නම් සන්නම් ලකුණ

ගැන.


ටොයිලට් චින්තනය කියලා අළුත්

පද දෙකක් ගැන මට හිතුණෙත්

ටොයිලට් එකේදි ම තමයි. ඇත්තට

ම මට ගොඩාක් දේවල් මතක්

වෙන්නේ ටොයිලට් එකේදි. ලොකු

ටෝක් එකක්, නිසදැසක්, කවියක්,

නවකතාවක/කෙටිකතාවක

ආකෘතියක් ටොයිලට් එකේදි

සිහියට ආවහම මං ඉස්සර නම්

ඉක්මනට ටොයිලට් එකෙන් එළියට

ඇවිත් ඒක ලියාගන්නවා. ඒත්

කාලයක් යනකොට මට තේරුණා

ඒ ක්‍රමය හරි අසාර්ථකයි කියලා.

ටොයිලට් එකෙන් එළියට ඇවිත්

කාමරේට යනකොට සේරම

අමතකයි. ඒ නිසා මං ඒකට

පිළියමක් හොයාගත්තා. මේ

පිළියම ගැන දැනගත්තහම සමහරු

කියයි අපෝ... චිකේ... අසික්කිතයි.

නෝට්යා කියලා... ඒත් මයි කාර්

මයි පෙට්‍රල් කියලා තියරියක්

තියෙනවානේ. මං හොයාගත්තු

පිළියම තමයි ටොයිලට් යනකොට

මගේ Mobile phone එක

ගෙනයාම. එතකොට නිසදැසක්,

කවියක්, ටෝක් එකක් මතක් වුණ

ගමන් ම SMS එකක් විදිහට ඒක ‍

Save කරගන්න පුළුවන්නේ... :-)




කෙසේ වෙතත් ම අර කිව්ව

ටොයිලට් චින්තනය එහෙමත්

නැත්නම් ලැට් චින්තනය කියන්නේ

මොකක්ද කියලා පොඩ්ඩක් බලමු.

අපි ගොඩක් වෙලාවට අලුතින්

අලුතින් මිතුරු මිතුරියන්, සමාජ

ක්‍රියාකාරීන්, නෑදෑයන් ආදී එකී

මෙකී නොකී සමාජ කණ්ඩායම්

සමඟ කටයුතු කරනවා. කරන්න

සිද්ධ ‍වෙනවා. ඒ අයත් එක්ක

ගැටෙනවා. ඒ වගේ වෙලාවට අපි

අපේ බැඳීම් හරි අපූරුවට

වඩාවර්ධනය කරගන්නවා.

බොක්කට ම වදින friendship,

love affairs ආදී එක එක වර්ගයේ

බැඳීම් හදාගන්නවා. ඒත්... අපි

අතරේ ඉන්න මිනිස්සු එකිනෙකාට

වෙනස්. මම සහ ඔබ කියන චරිත

දෙක ගත්තොත් අපි දෙන්නා

එකිනෙකාට වෙනස්. ගතිගුණ,

හැඩරුව, ඇවතුම්-පැවතුම්,

ආචාරවිධි, රසිකත්වය, පොරත්වය,

ආශාවන්, චින්තන පෞරුෂත්වය

අතින් ගත්තහම මම ඔබට වඩා

වෙනස් වෙනවා වගේ ම මට වඩා

ඔබ වෙනස්. ඉතින් එවන්

වටාපටාවක අපිත් එකක් ගනුදෙනු

කරන බොහෝ දෙනාව අපිට

ඇත්තට ම විශ්වාස කරන්න පුළුවන්

ද කියන ප්‍රශ්නය නිතැතින් ම මතු

වෙනවා. බොහෝමයක් දෙනා

යහළු මිතුරුකම්, නෑදෑකම්

පවත්වන්නේ ආත්ම ලාභය අරමුණු

කරගෙන. හරියට දේශපාලනඥයා

සහ ඡන්දදායකයා අතර තියෙන

සම්බන්ධතාවය වගේ. මට දැනෙන

විදිහට, මට හැඟෙන විදිහට

ටොයිල‍ට් චින්තනය මතුවෙන්නේ,

පෙනෙන්න පටන් ගන්නේ

එතැනදි. සමහරු අපිව ජීවිතේට

ළංකරගෙන අපිව හූරගෙන කාලා

තමන්ගේ පොකැට්ටුව තද

කරගෙන අන්තිමේදි හරියට

ටොයිලට් එකට ගිහින් අදාළ කෘත්‍ය

කරනවා වගේ අපිව කපලා දානවා.

අපිව නැති නාස්ති කරලා රොඩ්ඩ

පවා ඉතුරු නොකර වීසි කරලා

දානවා. අපි කෑම කනවා. කෑමවල

අඩංගු වෙලා තියෙන පෝෂණ

සංඝටක, අපේ ශරීර ශක්තිය

වෙනුවෙන් වුවමනා දේවල්

උකහාගෙන අන්තිමේදි තවත්

වැඩකට ගන්න බැරි වුණහම ඒවා

පිටකරනවා. ඒ නිසයි මං මේ

ක්‍රියාදාමයට ටොයිලට් චින්තනය

කියලා නමක් දුන්නෙ. හරියට ම

කිව්වොත් බේබදු සංස්කෘතිය

ඇතුළෙ, ගණිකා සංස්කෘතිය

ඇතුළෙත් තියෙන්නෙ මේ වගේ

කතාවක්. බේබද්දා තවත් හොඳ

මිනිහෙක්ව තමන්ගේ උගුලට

අහුකරගෙන ඒ අහිංසක මිනිහව

බේබදුකමට පොළඹවලා එයාගෙ

සල්ලි වලින් බොන්න පටන්

ගන්නවා. අන්තිමේදි අර අහිංසක

මනුස්සයාට ඇඩ්‍රස් නැති වෙනකං

සල්ලි හූරගෙන බීලා වැඩක් නැති

වුණහම අතෑරලා දාලා වෙන

මිනිහෙක් ළඟට යනවා. අනික් අතට

ගණිකාව කරන්නෙත් ඒවගේ

දෙයක්. හොඳට සල්ලි මුදල්

තියෙන මනමාලයෙක් ආවහම

මායමෙන් සබ්බ සකලමනාවම

කොල්ල කනවා.


සමහර නැදෑයො හිත මිත්‍රයොත් ඒ

වගේ.සල්ලි තියෙනවා නම්

නෑදෑයො ඕනි තරම්. ඉස්සර අපෙ

අම්මා නිතරම කියපු කතාවක් තමයි

අපිටත් සල්ලි තිබුණ නම්

නොනෑයොත් නෑයො වෙයි කියලා.

ඒ කතාව අදටත් වලංගුයි කියලා මට

හිතෙනවා.


කොහොමින් කොහොම වුණත්

ටොයිලට් චින්තකයන් මේ

සමාජයේ බහුලයි. ඉස්සරට වඩා අද

ඉන්නවා. තමන් ගැන විතරක් හිතන

තමන් ළඟින් ඉන්න සහ තමන්

ළඟින් හිටපු, තමන්ට උදව් කරපු

අය ගැන නොහිතන කළෙහි ගුණ

නොදන්න ආත්මාර්ථකාමී

දෙලොවට ම නැති චරිත අපෙ

සමාජයේ පඳුරක් පඳුරක් ගාණෙ

ඉන්නවා. රාගාන්විත ආදරයත් මේ

ටොයිලට් චින්තනයේ එක්තරා

පැතිකඩක්. කාම සන්තර්පණය

උදෙසා පමණක් ආදරය කරන

තරුණයින්, තරුණියන් තමන්ගෙ

පෙම්වතියගෙන්, පෙම්වතාගෙන්

ගත හැකි උපරිම ලාභ ප්‍රයෝජන +

ආතල් එක ගත්තට පස්සෙ

අතඇරලා දානවා. බූට් එක

තියනවා.


මෙහෙම සමාජමය වටපිටාවක

ඉඳගෙන තමයි මං ටොයිලට්

චින්තනය ගැන ටොයිලට් එකේ

ඉඳන් හිතුවෙ.

මගේ ටොයිලට් එකේ චින්තනයට

මං හරි ආසයි. කාමරේට වෙලා ඇස

ගැටෙන විවිධාකාර දේවල් එක්ක

ඇලීම් බැඳීම් හට ගන්නවා. අපිට

තව තවත් ජීවත් වෙන්න හිතෙනවා.

ඇස් පියාගත්තත් අපිට හැම විටම

භාවනානුයෝගී මානසිකත්වයකට

සම වැදෙන්න බැහැ. ඒත් ජීවිතයේ

යථාර්ථය ගැන වැසිකිලියෙදි අපට

විනාඩි 5ක්වත් අඩුම වශයෙන් අපේ

ගැන, අපේ අනාගතය ගැන, අපේ

ආදරණීයයන් ගැන, මේ සංසාරේ

භයානකකම ගැන හිතන්න පුළුවන්

නම් කොයිතරම් සුන්දරද...
නේද???


ඔබත් හිතලා බලන්න යාළුවනේ...!

හුදෙක් තමන්ගෙ කෘත්‍ය සිදු කිරීම

සඳහා පමණක් ටොයිලට්ටුවට

යනවද...? නැත්නම් ජීවිතයේ

ඉදිරිය ගැන, අලුත් අදහස් ගැන,

අස්ථිරකම ගැන හිතන්න ඒ චූටි

වෙලාව යොදාගන්නවද කියන

එක...


පුළුවන් නම් සහ ඔබට හිතෙනව

නම් කොමෙන්ටුවක් දාලා

යන්න.


2011 - 11 - 29,
11: 16 PM

Sunday, November 20, 2011

MR නොකී කතාව

"අපේ රටේ දැන් ඉන්නෙ ජාතීන් දෙකයි. එකක් රටට

ආදරය කරන අය. අනිත් ජාතිය රටට ආදරය

නොකරන අය."


මේ ප්‍රවේශය ඉකිබිඳුම තුළට දේශපාලනය ගෙන

එන්නට නොවන බව ශපත කරන්නට කැමැත්තෙමි.

නමුත් රටේ සමස්ත සමාජ ප්‍රශ්න සම්බන්ධයෙන් යම්

පමණකින් හෝ සමාජ කතිකාවතක් ගොඩනඟන්නට

බැරිනම් පුවත්පත් කලාව වේවා රූපවාහිනී කලාව හෝ

වේවා අඩුම තරමින් එවැනි බ්ලොග් කලාවකින් ද

පලක් නැතැයි සිතමි.

ප්‍රවේශය උදෙසා උපයෝගී කරගත් ප්‍රකාශය තුළ MR නොකී කතාවක් අවමංගල ට කියන්න‍ට සිදු

වේ.මේ රටේ එදා ඈත අතීතයේ පටන් ම සිරාවට ම

දේශ හිතෛෂී, දේශ මාමක පුද්ගලයින් සිටියහ.

තමන්ගේ දේශමාමකත්වය දේශප්‍රේමීකම මහ ඉහළින්

පෙන්විය යුතු නොවේ. ක්‍රියාවෙන් පෙන්විය යුතු ය.

වෙනත් අයුරකින් කියතොත් මොහු නිර්ව්‍යාජ

දේශප්‍රේමියෙකු යැයි ජනතාව විසින් ම පිළිගත යුතු ය.

ඒ අතින් බලන කල ගොන්ගාලේ ගොඩ බණ්ඩලා, වීර

පුරන් අප්පුලා, සූර සරදියෙල් ආදී එකී මෙකී නොකී

දේශප්‍රේමීන් පොරවල් බවට ඉතිහාස පොතේ රන්

අකුරින් සටහන් තැබුවේ අන් කවරෙකු නොව රටේ

මහජනතාව ය.

කෙසේ වෙතත් යළිත් රටට ආදරය කරන ප්‍රථම පිරිස

පිළිබඳ ව සලකා බලන විට යළිත් ඉතා සුපරීක්ෂාකාරී

ව බැලිය යුතු ය. රටට ආදරය කරන පිරිස කොටස්

දෙකකට බෙදා දැක්වීම වරදක් නොවේ.
1. නිර්ව්‍යාජ දේශප්‍රේමීන්
2. ව්‍යාජ දේශප්‍රෙමීන්

රටට ආදරය නොකරන පිරිසට වඩා මෙහිලා සඳහන්

කළ ව්‍යාජ දේශප්‍රේමීන් අතිශය භයානක ය. අඟේ

ඉදන් කන කන ජාතියක් නිසා ය. ‍අපේ රටේ බොහෝ

ජනාධිපතිවරුන්ගේ, අගමැතිවරුන්ගේ, මැති -

ඇමතිවරුන්ගේ, පට්ටම් ධූර ගැලෙව්වේ සහ අදටත්

ගලවන්නේ ඔවුන් ළඟ සිටි සහ සිටින මෙවන් ව්‍යාජ

දේශප්‍රේමීන් ය. වරදාන වරප්‍රසාද උදෙසා ආත්මය

පාවාදෙන තම හෘදය සාක්ෂිය උකසට තබන එවන්

නිහීනයන් එදා සේම අද ද සිටිති.

අපේ රටේ සිටින ඇතැමුන් මාර ම මාර දේශප්‍රේමීන් ය.

දේශප්‍රේමීත්වය ජාතිකත්වය මුළු සරුවාංගයෙන් ම

උතුරා යන්නේ ය. ඔවුන් ඉදලා හිටලා හෝ දෙන්නේ

හිතට දැනෙන නොව හදවතට දැනෙන පොර ටෝක්ස්

ය. ඒ හිතට කතා කරනවාට වඩා කෙනෙකුගේ

හදවතට කතා කර ඔහු හෝ ඇය ආකර්ෂණය කර ගත

හැකි බව දන්නා බැවිනි.

රැවටිල්ල ආත්මය කරගත් දේශපාලුවෝ රට කෑවෝ

ය. මී හරකුන් සේ වමාර වමාරා කෑවෝ ය. 1948

අධිරාජ්‍යවාදී යකඩ සපත්තුවෙන් යම් තරමකින් හෝ

නිදහස ලද ලංකාව අද මේ තිබෙන්නේ තිබිය යුතුව තිබූ

තැන නොවේ.

මගේ දැනුමේ හැටියට වරක් සිංගප්පූරු අගමැතිවරයා

ලංකාවට පැමිණ.....

ඉතිරි කොටස...

Wednesday, November 2, 2011

ධර්මපාලතුමා සහ සමලිංගික පොරවල්

"අනගාරික ධර්මපාලතුමා

සමලිංගිකයෙක් ද? නපුංසකයෙක්ද?"
මට

නිකමට වගේ හිතුණ මේ හිතුවිල්ල දකින දේශප්‍රේමී,

දේශමාමක චින්තකයෝ මාව හම ගහාවි. ඒත් මට

භාෂණයේ නිදහසටත් වඩා මතයක් දැරීමේ නිදහසක්

අපේ ජේ.ආර්. පප්පගෙ ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙන

බව මතක් කළ යුතුමයි.



උපතින් ම සහජයෙන් ම ප්‍රතිපත්තිගරුක මතවාද දරන

සුවච කීකරු සාන්ත ඇන්ඩ් දාන්ත තීන්ත කූඩු වගේ

හොඳ බෝසත් ගුණ තියෙන මිනිස්සු ඉන්නවා. ඒ

අතරේ තමන්ගේ ශාරීරිකව හෝ මානසිකව තියෙන

යම් යම් දුබලතා නිසා බෝසත් ඇක්ෂන්ස් ප්‍රකට

කරන්නට ට්‍රයි කරන මිනිස්සුත් ඉන්නවා. මේ

දෙකොට්ඨාශය අතරින් සඳහන් වුණ දෙවැනි

කොට්ඨාශය හරිම භයානකයි. ඒ අය යහපත් මතවාද

දරන්නන් විදිහට සමාජයේ පෙනී ඉන්නෙ තමන්ගෙ

නොහැකියාවන් නිසා.



පළමු වැනි උදාහරණය - තවමත් කෙල්ලෙක්ව සෙට්

කරගන්න බැරි වුණ කොල්ලෙක් ඉන්නවා. හම්බවෙන

හම්බවෙන කෙල්ල එක්ක කියන්නෙම පිරිමින්ගෙ

නරක ගැන.

"මට නං හරී දුකයි... පව් අහිංසක

කෙල්ලො. නිකරුණේ විනාස වෙනවා. අද කාලෙ

ආදරේ නම් හරිම ජරායි. පව් අහිංසක අම්මලා

තාත්තලාගෙ මල් කැකුළු වගේ දරුවො.

කාමාතුරයන්ගෙ ආදර ගැට වලට අහුවෙලා නිකරුණේ

පරවෙලා යනවා..."
පොර හිතන්නෙ තමන්

කාමරේ ඇතුළෙ ඉඳලා දකින හරි සුන්දර ; අර සුනිල්

ආරියරත්න ලියපු නන්දා මාලිනී ගයපු 'රාගයෙන් තොර ප්‍රේමය සඳ එළිය සේ

අචින්ත්‍යයි...'
කියන කාරණය කුළුගැන්වෙන

සිංදුව වගේ හරි සිනිදු සුසිනිදු ; හරියට රොෂාන්

ප්‍රනාන්දුගෙ ලව් සිංදු වගේ ; නිර්මල පිවිතුරු ආදරයක්

ගැන හිතට දාගෙන නිරානුරාගී චින්තන පෞරුෂයකින්

හිතන්න පටන් ගන්නවා.



මට මතක් වෙනවා දවසක් ගුවන් විදුලි සංස්ථාවෙ

වෙළඳ සේවෙ විකාශය වෙන පනාපුත්‍ර සමඟ

හෝරාවක් Program එකේදි ජැක්සන් ඇන්තනී

නන්දා මාලිනියගේ අර ගීතය ගැන දෙන විග්‍රහය. ඒ

සිංදුව තනිකරම සුනිල් ආරියරත්න නන්දා එකතුවෙන්

බිහිවුණු පට්ටපල් බේගලයක්ලු. අනේ මන්දා. එහෙම

කියන්නෙ පනාපුත්‍ර හෙවත් මහින්ද රාජපක්ෂට

දුටුගැමුණුගේ පරම්පරාවේ ඥාතීත්වයක් තියෙනවා ය

කියපු ජැක්සන් ඇන්තනී.



කොහොම වෙතත් අන්න ඒ නිර්මල ආදරයක් ගැන

හිතන ; තමන්ගෙ ඩ්‍රීම් ගර්ල්ගෙ ඇඟිලි තුඩක නොගැටී

ලව් කරන්න හිතන අය ලවින් ෆීල්ඩ් එකට බැස්සහම

බලුවෙන හැටි - උපාසක බළල්ලු මීයො දෙන්නා

දෙන්නා අල්ලන හැටි - අගේට බලාගන්න පුළුවන්.

/>


ඇත්ත මේකයි. හැබැයි එකක් තියෙනවා. මේ ගොඩට

බෝසත් චරිත විදිහට සමාජය ඉදිරියේ පෙනී ඉන්න

හැම අයම වැටෙන්නේ නෑ. අතලොස්සක් හරි

හැබෑවටම ප්‍රතිපත්තිගරුක මිනිස්සු ඉන්නවා. ඒ

බහුතරයක් මේ වගේ තමයි. මොකද ඉතින් අපි

පීථග්ජනයෝ නේ....



දෙවැනි උදාහරණය - සමහර මිනිස්සු ඉන්නවා අමුතු

අමුතු මානසින ව්‍යාකූල තත්වයන් තියෙන අය.

සාමාන්‍ය මනෝභාවයන් සහ චින්තනයෙන් හැඟීමෙන්

සිතුවිලි පරම්පරාවෙන් පිට පැනපු මානසික ලෙඩ්ඩු.

එක අතකින් එයාල මානසික ලෙඩ්ඩුමත් නෙවෙයි. ඒ

එයාලගෙ හැටි. කාන්තා රූපයක් ගැන ආශාවක් නැති

පිරිමින් දකිද්දි හැඟුම් මෝදු වෙන ජාතියේ සමලිංගික

මානසික තත්වයන් තියෙන අය.



මේ වගේ අය මෙහෙම අය බව සමාජයට

පෙන්නන්නේ නෑ. තමන්ගෙ පාඩුවේ පොඩි පොඩි___

දන්නැද්ද ඉතින්.... කරගෙන ඉන්නවා. ඒත් සමාජය

ඉදිරියෙ‍් ලොකු පොර ටෝක්ස් දෙනවා. කාන්තා

හිංසනය ස්ත්‍රී දූෂණය ගැන නිර්දය විදිහට විවේචන

වපුරනවා. තනි ඇහැට ඇඬෙන තරම් ස්ත්‍රී හිතවාදී

ටෝක්ස් අතාරිනවා. දේශප්‍රේමී වෙනවා. අනගාරික

නොහොත් අවිවාහක අය බවට වෙනවා. මේ වගේ අය

අදටත් ඉන්නවා. අර.... අර මාතර ගඟේ ඉන්නා

කිඹුලිගෙ පැටියා. ගුවන් විදුලියෙ සභාපති හඩ්සන්

සමරසිංහ මාසයකට එක සැරයක්වත් ඇදලා අරගෙන

පට්ට ගහන අලි පාටියෙ ම පාර්ශවයෙ පොර. එයත්

මෙහෙම කෙනෙක් කියලා කවුරු කවුරුත් කියනවා.(ම

ගැන තව හොඳ කතා තියෙනවා. ඒවා ඉදිරියේදී

දාන්නම්. තාරවත්තෙ අජිත් ගෝනියකට දාලා කරපු

කුපාඩි වැඩ Coming soon!)



ඒ වගේ දේශප්‍රේමියෝ අතරේ ඉන්න තව කෙනෙක්

තමයි මේ පෝස්ට් එකට ප්‍රවේශය ගන්න යොදාගත්තු

චරිතය. අනගාරික ධර්මපාල. අනගාරික ධර්මපාල

විවාහ නොවුණේ ගිහි ගෙය කම් සැප ගැන කල කිරුණු

නිසාද නැත්නම් එතුමා සමලිංගිකයෙක් හෝ

නපුංසකයෙක් වීම නිසාද? (කවුරුවත් වරදවා වටහා

ගන්න එපා. ධර්මපාල තුමා මල් තියලා වඳින්න තරම්

සුදුසු ජාතික වීරයෙක්. ඒත් මේ ඉදිරිපත් කිරීම හුදෙක්

විග්‍රහයක් පමණයි)


මෙහෙම හිතමු. අනගාරික ධර්මපාලතුමා විවාහ

නොවුණේ ඔහුගේ සමලිංගික මානසික මට්ටම නිසා

කියලා හිතමුකෝ. කමක් නෑ. කොහොම කෙනෙක්

වුණත් රටට සිංහලයින්ට සේවයක් කළානේ. ඒ නිසා

එයාව පැත්තකින් තියමු. ඒත් සමහර මිනිස්සු තමන්

මානසික වශයෙන් වෙනස් මට්ටමක ඉන්න බව

නොපෙන්නා පොර ටෝක් දෙනවා. තමන්ව

බබළාගන්නවා. ඒක වරදක් නේද?

Tuesday, November 1, 2011

ඒ පව අවිහිංසකද?

.... ____ ගියාට පස්සේ ගොඩාක්

පිරිමි, මහත්තුරු වෙන්න හදනවා... බෝධි සත්වයෝ

වෙන්න හදනවා....



මීට කළින් මම දාපු Post එකෙන් ම අද Post එකට

ප්‍රවේශයක් ගන්නම්...


මේ ලෝකෙ විරුද්ධ ලිංගිකයින් ගැන ආශාවක්

තියෙන, නිසියාකාරව හො‍්මෝන සිරුර ඇතුළෙ

ක්‍රියාත්මක වෙන හැම පිරිමියා ම තමන්ට ලැබෙන

හොඳම අවස්ථාවෙදි Try කරන්නෙ ගෑණියෙක් එක්ක

බුදියාගන්න. ඒක ප්‍රසිද්ධ රහසක්. ඒ වගේ ම මේ

සිද්ධාන්තය ස්ත්‍රී පාර්ශ්වයටත් පොදු ධර්මතාවක්...


පෝසත් වුණත් දුප්පත් වුණත් පොඩි ‍පොඩි සමාජයීය

විෂමතා දකින්න ලැබුණට මිනිසුන්ගේ, ගෑණුන්ගෙ

හැඟීම් එක වගේ...


"මල්ලී... මට මේ අවුරුදු 21 දී

අහන්න, දකින්න, අත්විඳින්න සිද්ධ වුණ දේවල් දිහා

බලද්දී මට එක දෙයක් තේරෙනවා... අපි දෙවියෝ

වගේ කියලා හිතන, සලකන, ගරු කරන මිනිස්සු

සෙක්ස්(Sex) කියන තැන දී බලු වෙනවා. ඒ දෙවියෝ

බලු වෙනවා. පිරිමි මහ පුදුම ජාතියක්. විලුඹ වෙනකං

ඇඳුමක් ඇඳගෙන ඉන්න ගෑණිව වුණත් ඇඳුම් නැති

කරලා බලන්න තරම් උන් වල්..."
මං

කාලයක් ගොඩාක් ආදරේ කරපු, මට ආදරේ කරපු

අක්කා කෙනෙක් දවසක් මහ රෑක මට එහෙම SMS

එකක් එවලා තිබුණා. ඇය කිව්ව කාරණේ ඇත්ත

නැත්ත මම, ඔබ, අපි හැමෝම දන්නවා...


"විලුඹ වෙනකං ඇඳුමක් ඇඳගෙන

ඉන්න ගෑණිව වුණත් ඇඳුම් නැති කරලා බලන්න තරම්

උන් වල්..."

ඇය මේ කියන්නේ ආශ්වාදජනක සතුටුදායක ස්වයං

වින්දනයක් උදෙසා පිරිමියෙක් ගැහැණියක්ව

මානසිකව භාවිතයට ගන්න හරි ප්‍රාථමික අහිංසක

අවස්ථාවක් ගැන. ඒක හරිම සරල දෙයක්. ඒක වරදක්ද

කියන එක විවාද සම්පන්න කා‍රණයක්. ඒ වගේ ම ‍මේ

සමාජෙ ඉන්න පිරිමින් අතරින් අහඹු විදිහට කෙනෙක්

තෝරගෙන ඇහුවොත්, "ඔයා ගෑණු කී දෙනෙක් එක්ක

බුදියාගෙන තියෙනවද...?"
කියලා...


ඔහු උත්තයක් දේවි. භෞතිකව තමන් කී දෙනෙක්

එක්ක බුදියාගෙන තියෙනවද කියලා. ඒ වගේ ඕනෑම

හැඟීම් දැනීම් ඇති පිරිමියෙක්ගෙන් ඇහුවොත්,
"ඔයා ගෑණු කී දෙනෙක් එක්ක

මානසිකව ; සිහින ලෝකෙ; මනෝ ලෝකෙ;

මනෝමය වශයෙන්; බුදියාගෙන

තියෙනවද...?"
කියලා...


"බර ගාණක්..." එක දහස්

නවසිය බර ගණන්වල ඉඳලා වතගොත ඒ ලැයිස්තුවේ

තියේවි. ඇත්ත කතාව තමයි ඒක. මේ මං ප්‍රවේශයක්

ගත්ත කාරණාව හරි විවාද සම්පන්න කාරණාවක්...

ඔබත් පොඩ්ඩක් හිතලා බලන්න...!


කාමේ සු මිච්ඡාචාරා වේරමණී

සික්ඛාපදං සමාදියාමි...
කියලා සිල් පදයක්

අපේ බුදු දහමේ පංච ශීලයේ තියෙනවා. එතකොට අපි

මානසික වශයෙන් රමණය බුදියා ගැනීම මේ සිල් පදය

කඩ කිරීමක්ද? පව් සිද්ධ වෙන ක්‍රම 3ක්

තියෙනවා...



1. සිතින්

2. කයෙන්

3. වචනයෙන්



එහෙම හිතනකොට මනෝමය වශයෙන් සිද්ධ වන්නා

වූ රමණය සිතින් සිදුවන පවක් නෙවෙයිද? ස්වයං

වින්දනය පවක් නෙවෙයි ද? දකින දකින කෙල්ල දිහා

බලාගෙන "ෂා මට ____තිබුණා නම්..." කියලා හිතන

එක පවක් නෙවෙයි ද?


මට මතකයි මං 10 පන්තියේ ඉන්නකොට

කුණුහරුපයක්වත් නොකියන පොඩි එකා. ඇත්තටම

අද වගේ ම ඒ කාලෙත් මං හරි අහිංසකයි. ස්වයං

වින්දනයක් ගැන හිතේ කොනකවත් තිබුණේ නෑ.

දවසක් අපේ පන්තියේ උදය - ඒ කාලෙ මගේ හොඳම

යාලුවා - මගෙන් අහනවා.


"මචං... _____ ____ එක පවක්

නෙවෙයි නේද...?"
මාත් ඉතින් කිව්වා නැහැයි

කියලා. උත්තරේට ඌ මාර සැටිස් වුණා.


එහෙම මෙහෙම කොහොම වුණත් ඒක පවක්

වෙන්නැති කියලා මට දැන් නම් හිතෙනවා. ‍එතකොට

සෙක්ස් චැට් කිරීම වරදක්. නේද?



අනේ මන්දා....



කතා පෙට්ටිය පීලි පැන්නා. පටන් ගත්තෙ වෙන

කතාවක් කියන්න. ඒ මඟහැරුණු කතාව මීළඟ Post

එකෙන් බලාපොරොත්තු වන්න....



Free Radio Promo :
 බෞද්ධයා ගුවන් විදුලිය - සැම හිත සුව පිණිස... 104.5‍ FM කොළඹට, 95.5 FM නුවරට, 99 FM රුහුණට...

Monday, October 31, 2011

උපාසක බළලා සහ 21 Century බයියා බබා...

... උපාසක බළල්ලු මීයො දෙන්නා දෙන්නා

අල්ලනවලු... කතාව සම්පූර්ණ ඇත්ත බව කිව්වොත්

ඔබත් මාත් එක්ක එකඟ වේවි. උපාසකයෝ වගේ

සමාජය ඉදිරියේ ඉන්න ගොඩක් අයගෙ හක්කෙ බුදු

රැස්... බොක්කෙ දඩමස්...

ඒ ගොඩාක් අය සිගරට් එකක් බොන්නෙ නැතුව,

බෝතලයක් ගහන්නෙ නැතුව, නගර සෝබනියක්

එක්ක බුදියාගන්නෙ නැතුව ඉන්නෙ සමාජයේ මිනිස්සු

අතර තමන්ට තියෙන පිළිගැනීම තියාගන්න ඕනි නිසා

මිසක් බෝසත්කමකට නෙවෙයි. ගමේ බෝක්කු කට

උඩ වාඩි වෙලා බීඩියක් සිගරට් එකක් ගහන,

හොරෙන් හොරෙන් ඉඳලා හිටලා ෆෝන් එකකින්

ක්ලිප් එකක් බලන කොලුගැටයට වඩා නව අධ්‍යාපන

ප්‍රතිසංස්කරණවලට අනුව තරඟයට මුහුණ දෙන්න

අම්මලා තාත්තලා පොළඹවපු ; 'ගෙදරින් අඩියක්වත්

එළියට බහින් නැතුව පාඩම් කරපිය' කියලා පුතාගෙ

තනියට Phone එකකුයි Computer එකකුයි ළඟට

කරපුවහම හරී කියලා හිතන අම්මගෙ පුතා භයානකයි.

ඌ තනිකරම ජාත්‍යන්තර කුපාඩියෙක්. ඒත්... උගෙ

අම්ම නම් කියන්නෙ....

"අපෙ කොල්ලගෙන් නම් කාටවත්

කරදරයක් නෑ. උදේට ඉස්කෝලෙ යනව. ක්ලාස්

තිබුණොත් ක්ලාස් යනවා. නැත්තං ඔන්න ඔය

කොම්පියුටරේ දාගෙන සිංදු අහනවා. එච්චරයි. ඔය

දහපදුරාවෙ යන කොල්ලොත් එක්ක බෝල ගහන්න

යවලා කොල්ලන්ව නරක් කරගන්නවට වඩා මෙහෙම

ගෙට කරගෙන ඉන්න එක කොච්චර හොඳද?"


ඒත් 20 වැනි සියවසේ හණමිටි අදහස් තියෙන අම්මා

තමන්ගෙ සුහච කීකරු පුතාගෙ පැ‍ටිකිරිය දන්නෙ නෑ.

මූ උදේට ඉස්කෝලෙට යන්නෙ Gold Leaf එකක්

ගහලා බව අම්මා දන්නෙ නෑ. ඉස්කෝලෙදි මූ ගංජා

ගහන බව කුඩු ගහන බව ගුලි කන බව අම්ම දන්නෙ

නෑ...

"ඒයි... අද නම් පුතාට ගොඩක්

මහන්සි පාටයි. ආපු ගමන් ම ඔළුව රිදෙනව කියලා

බුදියගත්ත. ඇස් දෙකත් රතුවෙලා. දෙයියන්ගෙ

අසනීපෙද දන්නෙ නෑ..."
වැඩ ඇරිලා ආපු

තාත්තට‍ අම්මා කියනවා.

මේ කොලුවා රෑට PC එක දාගෙන skype එකෙන්

ගෑණියක් එක්ක online බුදියාගන්න බව අම්මලා

තාත්තලා දන්නෙ නෑ.

"පුතා... නිදාගන් නැද්ද...???"

"දැන්ම බැහැ තාත්තෙ... මට මේ

ප්‍රොජෙක්ට් එකකට නෙට් එකෙන් තොරතුරු ටිකක්

හොයන්න තියෙනවා."
බත් කනවා. කාමරේ‍ට

රිංගා ගන්නවා. මේ සාන්ත දාන්ත තීන්ත කූඩුව රෑ එළි

වෙනකල්ම සෙක්ස් විඩියෝ බලනවා. සෙක්ස් චැට්

කරනවා. ගමේ කොල්ලෙක් එක්ක කතාවක් නෑ. ඌ‍ට

ඉන්නෙ රාජකීය යාළුවෝ...

"මේ ගමේ ඉන්න බයියො මොනුන්ද

අම්මේ..."
ඔක්කෝටම වඩා ලොකු බයියා

තමන්ගෙ යාළුවෝ ගැන එහෙම කියනවා. කුඩු

කාරයෝ වනචරයෝ පෝලිමට උගේ Friends List

එකේ ඉන්නවා.

අම්මටත් ඉතින් මැජික් වගේ...

මේ අද සමාජයේ තිත්ත වුණත් ඇත්ත කතාව...
මේ වගේ දේවලින් විෂම වුණු කුටුම්භ ඇති තරම් මේ

සිරි ලංකාවෙ තියෙනවා.

මේ ‍Post එක බලන ගොඩක් අයගෙ හිත් රිදේවි.

ඉන්ටර්නෙට් එකේ ඉන්න ගොඩක් කෙල්ලන්ගෙ

කොල්ලන්ගෙන් බහුතරයකගේ කතාව මේ කතාව ම

නිසා. අපි හැමෝගෙ ම වැරදි තියෙනවා. ඒ 21 වැනි

සියවසේ පොඩි උන්ටික... ඉපදෙන්න ඉන්න උන් ටික

හරි මඟට ගන්න එක අපේ යුතුකම...

පුදුමයි... ඒත් ඇත්තයි...