සිංහල බ්ලොග් කලාව තුළ අවමංගල යනු පොරක් නොවේ. එහෙව් පොරත්වයක් කෘත්‍රීමව ආරෝපණය කරගන්නට මාන බලන පොරක් ද නොවේ. මේ වෑයම මියැදෙන්නට පෙර... හිතේ දුකට... බ්ලොගයකට කරුණු ගොනු කිරීමට ය. - අවමංගල -

Monday, December 12, 2011

ඉනික්බිති,

මං තනිකමට සිරාවට ම ලව් කරපු කාලයක් තාමත්

මගේ නිධන්ගත කළ මතක ගබඩාවෙ පණ අදින බව

මට දැනුදු දැනෙයි. ජීවිතය කලකිරුණේ අන්තයට ම

නොවේ. අන්තයට ටිකක් විතර මෙහාට වන්නට ය.

දුක, කඳුළ, සුසුම... හරියට වාමාංශිකයින්ගෙ ජීවිත හා

බැඳී ඇති තාප්ප, පාප්ප, පෝස්ටර් සේ මගේ ජීවිතයට

අරක්ගෙන තිබිණ. දහවලට නිලට බබලන නිල් අහස

හිරුබැසයත් ම දම්පාටක් ගෙන රාත්‍රිය පැමිණෙන විට

සඳ තම ළැමට තුරුල් කරගන්නා සැටි මා අනන්තවත්

දැක ඇත්තෙමි. එසේ ම, ඒ හා සමානව ම රැයේ පායන

සඳ, අහස් ගැබ තුරුලේ සැතපී - මුළු මහත් ලෝකය ම

නැතත් - මේ පෘථිවි තලයෙන් යම් කිසි කොටසකට

එළිය දෙමින් අරුණැල්ලේ උදාවන හිරුට අහස් කුසේ

බලතල පවරා අවිහිංසකව නික්ම යන සැටි ද

අනන්තවත් දැක ඇත්තෙමි.

සතර දිගින් කළුකරගෙන වසින්නට පටන් ගත්

කලෙක මා මිදුලට බැස හිරු කොහිදැයි සෙව්වෙමි.

මහා පාළුවක්,තනිකමක් සිත තුළ අරක්ගෙන අද්භූත

කාන්සියක්, සාංකාවක් පතුරවන විටෙක මා අමාවක

යැයි නොදැන අඳුරු අහස පුරාවට සඳ කොමලිය

කොහි සැඟවුණා දැයි සෙව්වෙමි. මේ අසාර්ථක

උත්සාහයන් ද්විත්වයෙන් ම පසුව මා තනිකටම පෙම්

කළෙමි. මට තනි නැතැයි සිතුණේ එකෙණෙහි ය.

තනිකම මගේ තනියට තනි රකිනා බැව් මා විසින්

දැනගන්නා ලද්දෙමි. මා ගීතයට පෙම් කරන්නට පටන්

ගතිමි. රාගාන්විත මඳ අඳුර තුළ සැතපී මනෝ

ලෝකයෙන් මා නිර්ව්‍යාජ ස්ත්‍රී ප්‍රාණීන්ගේ පහස

පැතුවෙමි. සිත තුළ පිබිදෙන එකිනෙක ආශා මල් ගෙ

සීරුවට පෙති දිගහැරුවෙමි. ඒ අසරණකම වැඩිකමට

මිසක වනචාරී ගති මා ඉදිරියේ ම ප්‍රකට කරගන්නට

නම් නොවේ.



ඉනික්බිති, මගේ හිස් සිත් අවකාශය පුරවන්නට

අනුන්ට මෛත්‍රී කරන්නට, සෙත් පතන්නට, රකින්නට

ආරම්ධක වෙඩි මුරය තැබුවෙමි. ළබැඳියන් මගේ

ජීවිතය කරගෙන හුදෙකලාව මනෝමය වශයෙන්

මකාගන්නට මා ප්‍රයත්න දැරුවෙමි. මා සිතට කෙළේ

මහත් ප්‍රෝඩාවක් යැයි මට දැනෙන්නේ දැන් ය. මම

සිත රැවැට්ටුවෙමි. කඳුළ, සුසුම පරයා යන පරාර්ථකාමී

චින්තනයෙන් සුසැඳි චින්තන ධාරාවක් මා සිතට කළ

සැණෙහි සිත ඊට රැවටුණේ ය. මට සතුටු සිතිණ.නමුදු

ඒ තිළිණයේ අභ්‍යන්තරය ගුළ නිද්‍රාගතව සිටි නයි,

පොළොඟුන් ඇවිස්සුණු කළ සිත බොහෝ දුක් පීඩා

වින්දේ ය. මා වෙනුවෙන් සිත දුක භාරගෙන තිබිණ.

වරෙක දරදඬුව අසරණව දිරාගිය වහලයේ පරාල, රීප්ප

දෙස මගේ නෙත් ගෙන ගියේ මහත් වෙහෙසට පත්

සිත ය. දෙනෙත් පමණක් නොව කවි කොළ පවා

කඳුළින් තෙත් කරන්නට දෑසට ඒ තරම් කඳුළු දුන්නේ

මසිත ය. කෝපාවිෂ්ඨ නාග රැළක් දෂ්ඨ කරන්නාක්

මෙන් සිතට දැනෙන්ට ඇත. උන්මන්තක

මානසිකත්වයක් කරපින්නාගෙන 21 වැනි සියවසේ

ඩිජිටල් හයිවේ පාරදිගේ, මා පියමැන්නෙමි. කඳුළු ගලා

ආවේ ඩබල් වෙලා ය. හුදෙකලාව loneliness වූ

අතර, කඳුළු tears වන්නට පටන් ගැනිණ. වරෙක

හදවත heart යැයි නම් තැබිණ. ආදරය love යැයි ද

නම් ලද්දේ ය. සිත English වලින් generalize

වන්නට
විය. මේ ලොවේ වෙනස් නොවන එකම දෙය

වෙනස්වීම
යැයි මට ම කියාගත් මා මේ 21 වැනි අලුත්

දේ සහ පරණ දේ රැගෙන - දක්ෂිණ ලංකා අධිවේගී

මාර්ගය වන්
- බල්ලන් පාර පනින, නිතරම අනතුරු

ඇතිවන පාර දෙපස හිඳ ගල් ගසන
මාවතක ඉදිරියට ම

පිය මනිමි. සිනහව හැමදාම මුවඟ නොරැඳෙන්නා සේම

කඳුළු ද හැමදාම නෙතු අඟ සරසන්නේ නැත. හෙට

ඉරක් පායනු ඇත. අමාවක දාට එළිය දෙන්නට සුපුන්

සඳක් පායනු ඇත. මා එකත් පසෙක හිඳ බලා හිඳිමි.



2011 - 12 - 01
09 : 03 PM

No comments:

Post a Comment