සිංහල බ්ලොග් කලාව තුළ අවමංගල යනු පොරක් නොවේ. එහෙව් පොරත්වයක් කෘත්‍රීමව ආරෝපණය කරගන්නට මාන බලන පොරක් ද නොවේ. මේ වෑයම මියැදෙන්නට පෙර... හිතේ දුකට... බ්ලොගයකට කරුණු ගොනු කිරීමට ය. - අවමංගල -

Sunday, February 12, 2012

ජෝති... ඔබට නිවන් සුව අත්වේවා!

හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල. කවුරුත් දන්නෙ එච්.ආර්. ජෝතිපාල විදිහට.
හදවත රත්තරන් ජෝති, ජෝති අයියා... එක එක්කෙනා එක එක විහිහට අමතනවා. නිකං නෙවෙයි හදවතින් ම.
ඒ... ජෝති කියන්නේ පොළොවෙ පය ගහලා හිටපු සහෘදයෙකු නිසා.

වත්මන් පරපුරේ සමහරුන්ට නම් ජෝති කියන්නෙ කවුද කියලා මතක නැතිලු. අහලවත් නැතිලු. එහෙම කියන්නේ අපි අලුත් පරම්පරාවයි... කියන අපේ කාලයේ සුළුතර බටහිර ගැත්තෝ.

අද [ ජනවාරි 12 ] ජෝතිපාලයන්ගේ 76 වැනි උපන්දිනේ ලු. මං ගණන් හදලා බැලුවා. ජෝතිගෙ උපන්දිනය 1936 ජනවාරි 12.
උදේ පා‍න්දර රේඩියෝව දානකොට පරණ ගුණ සුවඳත් එක්කම අලුතින් පටන් ගත්තු සිංහ FM එකේ කියනව ඇහුණා.

ජෝති කියන්නෙ ඇත්තට ම පොරක්. නිකං පොරක් නෙවෙයි ජනප්‍රියත්වයේ මුදුනටම ගිහින් මුල අමතක නොකරපු පොරක්. සංගීතය ගැන දැනුමක් නැතිව, රසික හදවත්වල සදාකාලිකවම ජෝතිට ඉන්න පුලුවන් වීම ගැන සමහරක් ප්‍රවීනයන්ට ඉරිසියා ඇති. සිංහල සිනමාව 70, 80 කාලෙ උඩට ආවෙ ; පණ ගහල ආවෙ ජෝතිගෙ කටහඬ නිසා ය කිව්වොත් මං හිතන්නෙ මං වැරැදි නැතුව ඇති.
ජෝතිගෙ ගොඩක් ජනප්‍රිය වෙච්ච ගීත හින්දි අනුකාරක ගීත. ඔව්...! හින්දි තනුවල තියෙන ආකර්ශනීය බවත් ජෝතිට වාසියක් වුණා. ඒත්... ජෝතිගෙ අනුකාරක ගීතවලට පද රචනා කළේ ඉන්දියාවෙ අය නෙවෙයිනේ. ලංකාවෙ අයනෙ.
ජෝතිගෙ ගීත ගොඩක පපුවට දැනෙන පට්ට ගතියක් තියෙනවා.

පට්ට සිංදුව බං...

ඒකොන් ලාව, එමිනම් ලාව, ශකීරා ලාව ඔළුව උඩ තියාගෙන ඉංග්‍රීසියෙන් හිතන පතන කන බොන අයට නම් ජෝති දිරවන්නෙ නැති ගායකයෙක්. ඒක ඔවුන්ගෙ රසවින්දනය වෙන්න පුලුවන්. ඒත් හත් දෙයියනේ බටහිර සිංදු ඇහුවට කමක් නෑ. අඩුම ගාණෙ සිරි ලංකාවෙ විදිහට හිතපන්! ලියපන්! කතාකරපන්!

කොහොම වුණත් ජෝති අතීතයට විතරක් අයිති මිනිහෙක් නෙවෙයි. ජෝති අතීතයට, වර්තමානයට වගේ ම අනාගතයටත් අයිතියි. ඒ එයාගෙ ගීත සර්වකාලීන නිසා.
ඒ හඬ මාර හඬක්. ගැඹුරු, විරහව, කඳුළ සුපිරියට ම මාකට් කරන්න පුලුවන් හඬක්. ජොතිපාලගෙ දියකිඳුරිය තමන්ගේ නමින් මාකට් කරන්න රි-මේක් කරපු උන්දෑ අද කෝ...? ඒ වැඩෙන් තව තවත් ජනප්‍රිය වුණේ ජෝතිපාලයන්මයි නේද?

ජෝති මැරුණෙ නෑ... මැරෙන්නෙත් නෑ... ඔහු අපි අතර ඉන්නවා. බලාගෙන ඉන්නවා...

සිංහල ගීතයේ සදාතනික ආදරවන්තයා - එච්.ආර්. ජෝතිපාල මැතිඳුනි...

ඔබට නිවන් සැප ලැබේවා...!

No comments:

Post a Comment