සිංහල බ්ලොග් කලාව තුළ අවමංගල යනු පොරක් නොවේ. එහෙව් පොරත්වයක් කෘත්‍රීමව ආරෝපණය කරගන්නට මාන බලන පොරක් ද නොවේ. මේ වෑයම මියැදෙන්නට පෙර... හිතේ දුකට... බ්ලොගයකට කරුණු ගොනු කිරීමට ය. - අවමංගල -

Tuesday, November 29, 2011

ටොයිලට් චින්තනය සහ ටොයිලට් එකේ චින්තනය

අපි ටොයිලට් එහෙමත්

නැත්නම් වැසිකිලියට/කක්කුස්සියට

යන්නෙ අපේ ශරීරයේ අපට

අනවැසි අපද්‍රව්‍ය ඉවත් කරන්න. මේ

සුන්දරයි කියන පංචස්කන්ධයෙන්

පිටවෙන අසුන්දර දේවල් ඒ විදිහට

අපි පිට කරනවා. මං පොඩි කාලෙ

ඉඳල ම ටොයිලට් එකේ අවශ්‍ය

කෘත්‍ය කරන්න බොහෝ

කාලවේලාවක් වැය කරපු

කෙනෙක්. දව‍‍සේ හැම තත්පරයක

ම (නිදාගන්න ටිකේ පවා) අපිට

පෙනෙන්නේ, අපේ ඇස

ගැටෙන්නෙ කලබලකාරී දේවල්.

ඒත් අනවශ්‍ය දේවල් පිටකරන්න

අපි ටොයිලට් ගියහම අපිට

ගොඩාක් නිදහස තියෙනවා.

නිදහසේ ඕනි තරම් හිතන්න

ඉඩප්‍රස්ථාව තියෙනවා. මම නම්

ඉස්සර ටොයිලට් එකේ දි ගොඩක්

දේවල් ගැන හිතනවා. නිස්කලංක

තැනක්. මගේ කාමරයට වඩා මං

වැසිකිලියට ආසයි. කාමරේ තියෙන

ඇඳ, මේසය, පුටුව, අල්මාරිය,

පොත් රාක්කය, ඉස්කිරිම්ම(අනේ

මන්දා.. අපි නම් ඇඳුම් එල්ලන

එකට කියන්නෙ ඉස්කිරිම්ම

කියලා), Computer එක, Phone

එක, සපත්තු ඇස ගැටෙනකොට

හිතට පුදුම බරක් දැනෙනවා. කොයි

තරම් සැහැල්ලුවෙන් ගෙදරට ආවත්

හිත බිඳෙනවා. ඒත් වැසිකිලියේ ඒ

තරම් අඬුබඬු නැහැ. මම නම්

හිතන්න දෙයක් නැති වෙලාවට

වැසිකිලියෙදි හිතන්නේ මහ අමුතු

දේවල්. වෙලාවකට දොර දිහා

බලාගෙන ඉන්නවා. ඉඳලා හිටලා

හූනෙක් දොර දිගේ යනකොට මං

බයවෙනවා ඌ ඇඟට පනී කියලා.

ඒ වගේ වෙලාවට ඌට වතුර ගහලා

පන්නනවා. තවත් වෙලාවකට මං

සැලකිලිමත් වෙන්නේ වැසිකිලි

පෝච්චියේ සන්නම් නාමය ගැන.

එහෙමත් නැත්නම් සන්නම් ලකුණ

ගැන.


ටොයිලට් චින්තනය කියලා අළුත්

පද දෙකක් ගැන මට හිතුණෙත්

ටොයිලට් එකේදි ම තමයි. ඇත්තට

ම මට ගොඩාක් දේවල් මතක්

වෙන්නේ ටොයිලට් එකේදි. ලොකු

ටෝක් එකක්, නිසදැසක්, කවියක්,

නවකතාවක/කෙටිකතාවක

ආකෘතියක් ටොයිලට් එකේදි

සිහියට ආවහම මං ඉස්සර නම්

ඉක්මනට ටොයිලට් එකෙන් එළියට

ඇවිත් ඒක ලියාගන්නවා. ඒත්

කාලයක් යනකොට මට තේරුණා

ඒ ක්‍රමය හරි අසාර්ථකයි කියලා.

ටොයිලට් එකෙන් එළියට ඇවිත්

කාමරේට යනකොට සේරම

අමතකයි. ඒ නිසා මං ඒකට

පිළියමක් හොයාගත්තා. මේ

පිළියම ගැන දැනගත්තහම සමහරු

කියයි අපෝ... චිකේ... අසික්කිතයි.

නෝට්යා කියලා... ඒත් මයි කාර්

මයි පෙට්‍රල් කියලා තියරියක්

තියෙනවානේ. මං හොයාගත්තු

පිළියම තමයි ටොයිලට් යනකොට

මගේ Mobile phone එක

ගෙනයාම. එතකොට නිසදැසක්,

කවියක්, ටෝක් එකක් මතක් වුණ

ගමන් ම SMS එකක් විදිහට ඒක ‍

Save කරගන්න පුළුවන්නේ... :-)




කෙසේ වෙතත් ම අර කිව්ව

ටොයිලට් චින්තනය එහෙමත්

නැත්නම් ලැට් චින්තනය කියන්නේ

මොකක්ද කියලා පොඩ්ඩක් බලමු.

අපි ගොඩක් වෙලාවට අලුතින්

අලුතින් මිතුරු මිතුරියන්, සමාජ

ක්‍රියාකාරීන්, නෑදෑයන් ආදී එකී

මෙකී නොකී සමාජ කණ්ඩායම්

සමඟ කටයුතු කරනවා. කරන්න

සිද්ධ ‍වෙනවා. ඒ අයත් එක්ක

ගැටෙනවා. ඒ වගේ වෙලාවට අපි

අපේ බැඳීම් හරි අපූරුවට

වඩාවර්ධනය කරගන්නවා.

බොක්කට ම වදින friendship,

love affairs ආදී එක එක වර්ගයේ

බැඳීම් හදාගන්නවා. ඒත්... අපි

අතරේ ඉන්න මිනිස්සු එකිනෙකාට

වෙනස්. මම සහ ඔබ කියන චරිත

දෙක ගත්තොත් අපි දෙන්නා

එකිනෙකාට වෙනස්. ගතිගුණ,

හැඩරුව, ඇවතුම්-පැවතුම්,

ආචාරවිධි, රසිකත්වය, පොරත්වය,

ආශාවන්, චින්තන පෞරුෂත්වය

අතින් ගත්තහම මම ඔබට වඩා

වෙනස් වෙනවා වගේ ම මට වඩා

ඔබ වෙනස්. ඉතින් එවන්

වටාපටාවක අපිත් එකක් ගනුදෙනු

කරන බොහෝ දෙනාව අපිට

ඇත්තට ම විශ්වාස කරන්න පුළුවන්

ද කියන ප්‍රශ්නය නිතැතින් ම මතු

වෙනවා. බොහෝමයක් දෙනා

යහළු මිතුරුකම්, නෑදෑකම්

පවත්වන්නේ ආත්ම ලාභය අරමුණු

කරගෙන. හරියට දේශපාලනඥයා

සහ ඡන්දදායකයා අතර තියෙන

සම්බන්ධතාවය වගේ. මට දැනෙන

විදිහට, මට හැඟෙන විදිහට

ටොයිල‍ට් චින්තනය මතුවෙන්නේ,

පෙනෙන්න පටන් ගන්නේ

එතැනදි. සමහරු අපිව ජීවිතේට

ළංකරගෙන අපිව හූරගෙන කාලා

තමන්ගේ පොකැට්ටුව තද

කරගෙන අන්තිමේදි හරියට

ටොයිලට් එකට ගිහින් අදාළ කෘත්‍ය

කරනවා වගේ අපිව කපලා දානවා.

අපිව නැති නාස්ති කරලා රොඩ්ඩ

පවා ඉතුරු නොකර වීසි කරලා

දානවා. අපි කෑම කනවා. කෑමවල

අඩංගු වෙලා තියෙන පෝෂණ

සංඝටක, අපේ ශරීර ශක්තිය

වෙනුවෙන් වුවමනා දේවල්

උකහාගෙන අන්තිමේදි තවත්

වැඩකට ගන්න බැරි වුණහම ඒවා

පිටකරනවා. ඒ නිසයි මං මේ

ක්‍රියාදාමයට ටොයිලට් චින්තනය

කියලා නමක් දුන්නෙ. හරියට ම

කිව්වොත් බේබදු සංස්කෘතිය

ඇතුළෙ, ගණිකා සංස්කෘතිය

ඇතුළෙත් තියෙන්නෙ මේ වගේ

කතාවක්. බේබද්දා තවත් හොඳ

මිනිහෙක්ව තමන්ගේ උගුලට

අහුකරගෙන ඒ අහිංසක මිනිහව

බේබදුකමට පොළඹවලා එයාගෙ

සල්ලි වලින් බොන්න පටන්

ගන්නවා. අන්තිමේදි අර අහිංසක

මනුස්සයාට ඇඩ්‍රස් නැති වෙනකං

සල්ලි හූරගෙන බීලා වැඩක් නැති

වුණහම අතෑරලා දාලා වෙන

මිනිහෙක් ළඟට යනවා. අනික් අතට

ගණිකාව කරන්නෙත් ඒවගේ

දෙයක්. හොඳට සල්ලි මුදල්

තියෙන මනමාලයෙක් ආවහම

මායමෙන් සබ්බ සකලමනාවම

කොල්ල කනවා.


සමහර නැදෑයො හිත මිත්‍රයොත් ඒ

වගේ.සල්ලි තියෙනවා නම්

නෑදෑයො ඕනි තරම්. ඉස්සර අපෙ

අම්මා නිතරම කියපු කතාවක් තමයි

අපිටත් සල්ලි තිබුණ නම්

නොනෑයොත් නෑයො වෙයි කියලා.

ඒ කතාව අදටත් වලංගුයි කියලා මට

හිතෙනවා.


කොහොමින් කොහොම වුණත්

ටොයිලට් චින්තකයන් මේ

සමාජයේ බහුලයි. ඉස්සරට වඩා අද

ඉන්නවා. තමන් ගැන විතරක් හිතන

තමන් ළඟින් ඉන්න සහ තමන්

ළඟින් හිටපු, තමන්ට උදව් කරපු

අය ගැන නොහිතන කළෙහි ගුණ

නොදන්න ආත්මාර්ථකාමී

දෙලොවට ම නැති චරිත අපෙ

සමාජයේ පඳුරක් පඳුරක් ගාණෙ

ඉන්නවා. රාගාන්විත ආදරයත් මේ

ටොයිලට් චින්තනයේ එක්තරා

පැතිකඩක්. කාම සන්තර්පණය

උදෙසා පමණක් ආදරය කරන

තරුණයින්, තරුණියන් තමන්ගෙ

පෙම්වතියගෙන්, පෙම්වතාගෙන්

ගත හැකි උපරිම ලාභ ප්‍රයෝජන +

ආතල් එක ගත්තට පස්සෙ

අතඇරලා දානවා. බූට් එක

තියනවා.


මෙහෙම සමාජමය වටපිටාවක

ඉඳගෙන තමයි මං ටොයිලට්

චින්තනය ගැන ටොයිලට් එකේ

ඉඳන් හිතුවෙ.

මගේ ටොයිලට් එකේ චින්තනයට

මං හරි ආසයි. කාමරේට වෙලා ඇස

ගැටෙන විවිධාකාර දේවල් එක්ක

ඇලීම් බැඳීම් හට ගන්නවා. අපිට

තව තවත් ජීවත් වෙන්න හිතෙනවා.

ඇස් පියාගත්තත් අපිට හැම විටම

භාවනානුයෝගී මානසිකත්වයකට

සම වැදෙන්න බැහැ. ඒත් ජීවිතයේ

යථාර්ථය ගැන වැසිකිලියෙදි අපට

විනාඩි 5ක්වත් අඩුම වශයෙන් අපේ

ගැන, අපේ අනාගතය ගැන, අපේ

ආදරණීයයන් ගැන, මේ සංසාරේ

භයානකකම ගැන හිතන්න පුළුවන්

නම් කොයිතරම් සුන්දරද...
නේද???


ඔබත් හිතලා බලන්න යාළුවනේ...!

හුදෙක් තමන්ගෙ කෘත්‍ය සිදු කිරීම

සඳහා පමණක් ටොයිලට්ටුවට

යනවද...? නැත්නම් ජීවිතයේ

ඉදිරිය ගැන, අලුත් අදහස් ගැන,

අස්ථිරකම ගැන හිතන්න ඒ චූටි

වෙලාව යොදාගන්නවද කියන

එක...


පුළුවන් නම් සහ ඔබට හිතෙනව

නම් කොමෙන්ටුවක් දාලා

යන්න.


2011 - 11 - 29,
11: 16 PM

No comments:

Post a Comment