සිංහල බ්ලොග් කලාව තුළ අවමංගල යනු පොරක් නොවේ. එහෙව් පොරත්වයක් කෘත්‍රීමව ආරෝපණය කරගන්නට මාන බලන පොරක් ද නොවේ. මේ වෑයම මියැදෙන්නට පෙර... හිතේ දුකට... බ්ලොගයකට කරුණු ගොනු කිරීමට ය. - අවමංගල -

Wednesday, November 2, 2011

ධර්මපාලතුමා සහ සමලිංගික පොරවල්

"අනගාරික ධර්මපාලතුමා

සමලිංගිකයෙක් ද? නපුංසකයෙක්ද?"
මට

නිකමට වගේ හිතුණ මේ හිතුවිල්ල දකින දේශප්‍රේමී,

දේශමාමක චින්තකයෝ මාව හම ගහාවි. ඒත් මට

භාෂණයේ නිදහසටත් වඩා මතයක් දැරීමේ නිදහසක්

අපේ ජේ.ආර්. පප්පගෙ ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙන

බව මතක් කළ යුතුමයි.



උපතින් ම සහජයෙන් ම ප්‍රතිපත්තිගරුක මතවාද දරන

සුවච කීකරු සාන්ත ඇන්ඩ් දාන්ත තීන්ත කූඩු වගේ

හොඳ බෝසත් ගුණ තියෙන මිනිස්සු ඉන්නවා. ඒ

අතරේ තමන්ගේ ශාරීරිකව හෝ මානසිකව තියෙන

යම් යම් දුබලතා නිසා බෝසත් ඇක්ෂන්ස් ප්‍රකට

කරන්නට ට්‍රයි කරන මිනිස්සුත් ඉන්නවා. මේ

දෙකොට්ඨාශය අතරින් සඳහන් වුණ දෙවැනි

කොට්ඨාශය හරිම භයානකයි. ඒ අය යහපත් මතවාද

දරන්නන් විදිහට සමාජයේ පෙනී ඉන්නෙ තමන්ගෙ

නොහැකියාවන් නිසා.



පළමු වැනි උදාහරණය - තවමත් කෙල්ලෙක්ව සෙට්

කරගන්න බැරි වුණ කොල්ලෙක් ඉන්නවා. හම්බවෙන

හම්බවෙන කෙල්ල එක්ක කියන්නෙම පිරිමින්ගෙ

නරක ගැන.

"මට නං හරී දුකයි... පව් අහිංසක

කෙල්ලො. නිකරුණේ විනාස වෙනවා. අද කාලෙ

ආදරේ නම් හරිම ජරායි. පව් අහිංසක අම්මලා

තාත්තලාගෙ මල් කැකුළු වගේ දරුවො.

කාමාතුරයන්ගෙ ආදර ගැට වලට අහුවෙලා නිකරුණේ

පරවෙලා යනවා..."
පොර හිතන්නෙ තමන්

කාමරේ ඇතුළෙ ඉඳලා දකින හරි සුන්දර ; අර සුනිල්

ආරියරත්න ලියපු නන්දා මාලිනී ගයපු 'රාගයෙන් තොර ප්‍රේමය සඳ එළිය සේ

අචින්ත්‍යයි...'
කියන කාරණය කුළුගැන්වෙන

සිංදුව වගේ හරි සිනිදු සුසිනිදු ; හරියට රොෂාන්

ප්‍රනාන්දුගෙ ලව් සිංදු වගේ ; නිර්මල පිවිතුරු ආදරයක්

ගැන හිතට දාගෙන නිරානුරාගී චින්තන පෞරුෂයකින්

හිතන්න පටන් ගන්නවා.



මට මතක් වෙනවා දවසක් ගුවන් විදුලි සංස්ථාවෙ

වෙළඳ සේවෙ විකාශය වෙන පනාපුත්‍ර සමඟ

හෝරාවක් Program එකේදි ජැක්සන් ඇන්තනී

නන්දා මාලිනියගේ අර ගීතය ගැන දෙන විග්‍රහය. ඒ

සිංදුව තනිකරම සුනිල් ආරියරත්න නන්දා එකතුවෙන්

බිහිවුණු පට්ටපල් බේගලයක්ලු. අනේ මන්දා. එහෙම

කියන්නෙ පනාපුත්‍ර හෙවත් මහින්ද රාජපක්ෂට

දුටුගැමුණුගේ පරම්පරාවේ ඥාතීත්වයක් තියෙනවා ය

කියපු ජැක්සන් ඇන්තනී.



කොහොම වෙතත් අන්න ඒ නිර්මල ආදරයක් ගැන

හිතන ; තමන්ගෙ ඩ්‍රීම් ගර්ල්ගෙ ඇඟිලි තුඩක නොගැටී

ලව් කරන්න හිතන අය ලවින් ෆීල්ඩ් එකට බැස්සහම

බලුවෙන හැටි - උපාසක බළල්ලු මීයො දෙන්නා

දෙන්නා අල්ලන හැටි - අගේට බලාගන්න පුළුවන්.

/>


ඇත්ත මේකයි. හැබැයි එකක් තියෙනවා. මේ ගොඩට

බෝසත් චරිත විදිහට සමාජය ඉදිරියේ පෙනී ඉන්න

හැම අයම වැටෙන්නේ නෑ. අතලොස්සක් හරි

හැබෑවටම ප්‍රතිපත්තිගරුක මිනිස්සු ඉන්නවා. ඒ

බහුතරයක් මේ වගේ තමයි. මොකද ඉතින් අපි

පීථග්ජනයෝ නේ....



දෙවැනි උදාහරණය - සමහර මිනිස්සු ඉන්නවා අමුතු

අමුතු මානසින ව්‍යාකූල තත්වයන් තියෙන අය.

සාමාන්‍ය මනෝභාවයන් සහ චින්තනයෙන් හැඟීමෙන්

සිතුවිලි පරම්පරාවෙන් පිට පැනපු මානසික ලෙඩ්ඩු.

එක අතකින් එයාල මානසික ලෙඩ්ඩුමත් නෙවෙයි. ඒ

එයාලගෙ හැටි. කාන්තා රූපයක් ගැන ආශාවක් නැති

පිරිමින් දකිද්දි හැඟුම් මෝදු වෙන ජාතියේ සමලිංගික

මානසික තත්වයන් තියෙන අය.



මේ වගේ අය මෙහෙම අය බව සමාජයට

පෙන්නන්නේ නෑ. තමන්ගෙ පාඩුවේ පොඩි පොඩි___

දන්නැද්ද ඉතින්.... කරගෙන ඉන්නවා. ඒත් සමාජය

ඉදිරියෙ‍් ලොකු පොර ටෝක්ස් දෙනවා. කාන්තා

හිංසනය ස්ත්‍රී දූෂණය ගැන නිර්දය විදිහට විවේචන

වපුරනවා. තනි ඇහැට ඇඬෙන තරම් ස්ත්‍රී හිතවාදී

ටෝක්ස් අතාරිනවා. දේශප්‍රේමී වෙනවා. අනගාරික

නොහොත් අවිවාහක අය බවට වෙනවා. මේ වගේ අය

අදටත් ඉන්නවා. අර.... අර මාතර ගඟේ ඉන්නා

කිඹුලිගෙ පැටියා. ගුවන් විදුලියෙ සභාපති හඩ්සන්

සමරසිංහ මාසයකට එක සැරයක්වත් ඇදලා අරගෙන

පට්ට ගහන අලි පාටියෙ ම පාර්ශවයෙ පොර. එයත්

මෙහෙම කෙනෙක් කියලා කවුරු කවුරුත් කියනවා.(ම

ගැන තව හොඳ කතා තියෙනවා. ඒවා ඉදිරියේදී

දාන්නම්. තාරවත්තෙ අජිත් ගෝනියකට දාලා කරපු

කුපාඩි වැඩ Coming soon!)



ඒ වගේ දේශප්‍රේමියෝ අතරේ ඉන්න තව කෙනෙක්

තමයි මේ පෝස්ට් එකට ප්‍රවේශය ගන්න යොදාගත්තු

චරිතය. අනගාරික ධර්මපාල. අනගාරික ධර්මපාල

විවාහ නොවුණේ ගිහි ගෙය කම් සැප ගැන කල කිරුණු

නිසාද නැත්නම් එතුමා සමලිංගිකයෙක් හෝ

නපුංසකයෙක් වීම නිසාද? (කවුරුවත් වරදවා වටහා

ගන්න එපා. ධර්මපාල තුමා මල් තියලා වඳින්න තරම්

සුදුසු ජාතික වීරයෙක්. ඒත් මේ ඉදිරිපත් කිරීම හුදෙක්

විග්‍රහයක් පමණයි)


මෙහෙම හිතමු. අනගාරික ධර්මපාලතුමා විවාහ

නොවුණේ ඔහුගේ සමලිංගික මානසික මට්ටම නිසා

කියලා හිතමුකෝ. කමක් නෑ. කොහොම කෙනෙක්

වුණත් රටට සිංහලයින්ට සේවයක් කළානේ. ඒ නිසා

එයාව පැත්තකින් තියමු. ඒත් සමහර මිනිස්සු තමන්

මානසික වශයෙන් වෙනස් මට්ටමක ඉන්න බව

නොපෙන්නා පොර ටෝක් දෙනවා. තමන්ව

බබළාගන්නවා. ඒක වරදක් නේද?

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මට හිතෙන විදිහට ධර්මපාලතුමා සමලිංගිකයෙක්ද නැද්ද කියන කාරණාව එච්චර වැදගත් එකක් නෙවෙයි. වැදගත් එතුමා කිව්වෙ කරේ මොනවද කියන එකයි. විරුද්ධ ලිංගිකයෙක් වුනත් සමලිංගිකයෙක් වුනත් නපුංසකයෙක් වුනත් එතුමා කියල තියෙන දේවල් හරි නම් හරි. වැරදි නම් වැරදි. හැබැයි ඉතින් ලංකාවෙ අයට වැඩියෙන් වැදගත් කෙනෙක්ගෙ මතවාදයට වඩා එයාගෙ අතීතය, පවුල් ජීවිතය වගේ දේවල් නේ. ඇගිල්ලෙන් හද පෙන්නුවහම හද වෙනුවට ඇගිල්ල දිහා බලන එක මෙහෙ ගතියක්. ධර්මපාලතුමා සමලිංගිකයෙක් කියල නිකන් හරි කියන කෙනෙක් ඉන්නව නම් දේශප්‍රේමියෝ එයාට විරුද්ධව කඩු පොලු අමෝරාගෙන එයි අවජාතකය කියාගෙන. අන්ධ භක්තියෙන් චරිත වන්දනා කරන අයට කෙනෙක්ගෙ පෞද්ගලික ජීවිතය හා දර්ශනය අතර වෙනස අදුනගන්න බැහැ. වැරදිලාවත් ධර්මපාලතුමා සමලිංගිකයෙක් කියල බොරු කරන්න බැරි විදිහට ඔප්පු වුනොත් එහෙම එතුමාට අද වදින පුදන අය එදාට ගරහන හැටි බලන්න තියෙයි. ධර්මපාලතුමාගේ සැබෑ අනුගාමිකයෙක් නම් තියෙන්නේ එතුමාගේ ලිංගිකත්වය ගැන උනන්දු නොවී එතුමාගේ දර්ශනයට අනුව ජීවත් වීමයි.

    ReplyDelete